බහුතරය පෙන්වීමට  විපක්‍ෂය සූදානම්: – නි. කථානායක පත්කිරීම හෙට නෑ

252

නියෝජ්‍ය කථානායක ධුරය සඳහා මන්ත්‍රීවරයකු පත් කිරීම හෙට (04දා) පාර්ලිමේන්තුවේදී සිදු නොවනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

රංජිත් සියඹලාපිටිය මහතා ඉල්ලා අස්වීම නිසා නි.කථානායක ධුරය පුරප්පාඩු වී තිබෙන නමුත් ඔහුගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් මෙතෙක් පිළිගෙන නොමැති බැවින් ඊට සුදුස්සකු පත් කිරීම කල් යනු ඇතැයි පැවසේ.

යම් හෙයකින් නියෝජ්‍ය කථානායක ධුරයට මන්ත්‍රීවරයකු තෝරා පත් කර ගැනීම සඳහා ඡන්දයක් පැවැත්වීමට සිදුවුවහොත් එහිදී පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්තේ කුමන පාර්ශ්වයකට ද යන්න හෙළි වේ.

විපක්ෂය සූදානමින් සිටින්නේ නියෝජ්‍ය කථානායක ධුරයට තම පාර්ශ්වයෙන් මන්ත්‍රීවරයකු ඉදිරිපත් කොට ආණ්ඩුවට බහුතර බලය නොමැති බව පෙන්වීමටය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment