බහුදින යාත්‍රා 3000ක් එක දිගට අඬයි

261

ඉන්ධන අර්බුදය නිසා මසුන් ඇල්ලීමට මුහුදු යෑමට නොහැකිව බහුදින යාත්‍රා 3000ක් පමණ මාස ගණනාවක සිට ලංකාව වටා ඇති ධීවර වරායන්වල ගාල් කර ඇතැයි සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති ටිරෝන් මෙන්ඩිස් මහතා පවසයි.අඩි 50 සහ 60 බහුදින යාත්‍රාවකට එක් මුහුදු ගමනක් සඳහා ඩීසල් ලීටර් 11000ක් 12000ක් අතර ප්‍රමාණයක් අවශ්‍ය බවත් ඉන්ධන සඳහා පමණක් රුපියල් ලක්ෂ 44ක 50ක පමණ මුදලක් වැය වන බවත් කපිල ටිරෝන් මහතා පවසයි. ඉන්ධන මිල වැඩි වීමට පෙර එක් මුහුදු ගමනක් සඳහා වැයවූයේ රුපියල් ලක්ෂ 30ක පමණ මුදලක් බවත් හෙතෙම පවසයි. කුඩා ප්‍රමාණයේ බහුදින යාත්‍රාවකට එක් මුහුදු ගමනක් සඳහා ඉන්ධන මිල වැඩි වීමට පෙර වැයවූවේ ලක්ෂ 10ක 15ක අතර මුදලක් බව ද, එහෙත් මේ වන විට ලක්ෂ 30ක පමණ මුදලක් වැය වෙන බව ද කපිල ටිරෝන් මහතා කියයි. බහුදින යාත්‍රාවලින් ගොස් වැඩි වශයෙන් මසුන් අල්ලනු ලබන්නේ අපනයනය කිරීම සඳහා බවත් ඉකුත් වර්ෂයේ ටූනා ඇතුළු මත්ස්‍යයන් අපනයනය කිරීමෙන් ඩොලර් මිලියන 380ක පමණ මුදලක් උපයා ගෙන ඇති බවත් ටිරෝන් මෙන්ඩිස් මහතා පවසයි. මේ වන විට ධීවර ආම්පන්න මිල අධික ලෙස වැඩිවී ඇති බව ද ධීවරයන්ට යන එනමං නැති තත්ත්වයකට පත්ව ඇති බව ද ටිරෝන් මෙන්ඩිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment