බහුපක්ෂ ආණ්ඩුවක්: බහුතරයකගේ එකගත්වය ලැබෙයි

220

ඉදිරියේදී බහු පක්‍ෂ ආණ්ඩුවක් බිහිකිරීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්‍ෂ බහුතරයකගේ එකඟතාව ලැබී ඇතැයි වාර්තා වෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් දින කිහිපයේදීම දේශපාලන පක්‍ෂ නියෝජිතයන් හමුවී මේ පිළිබඳව සාකච්ඡා කර ඔවුන්ගේ අදහස් ලබාගත් අතර ඊට පක්‍ෂවල එකඟතාවක් පවතින බවද වාර්තා වෙයි.

සර්වපාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්‍ෂවල එකඟතාවක් පැවතිය යුතු වන නමුත් ජාතික ජනබලවේගය එවැනි සර්වපාක්‍ෂික ආණ්ඩුවට තමන් කිසිවිටක සහාය නොදක්වන බව දැනුම්දීම හේතුවෙන් සර්වපාක්‍ෂික වෙනුවට බහු පක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවීමට එකඟතාවක් පවතින බව රජයේ ආරංචිමාර්ග පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජනබලවේගය, දෙමළ ජාතික සංධානය, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ස්වාධීන පක්‍ෂ 10 එකමුතුව, ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම හා තවත් කුඩා පක්‍ෂ රැසක් සමග ජනාධිපතිවරයා සාකච්ඡා පැවැත්වීය. ඉන් අති බහුතරයකගේ එකඟතාව මේ වනවිට ජනපතිවරයාට ලැබී තිබේ.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment