බහු විවාහ පනතට අලි සබ්රි ගෙනා සංශෝධන කැබිනට් එකෙන් විසිවෙයි

729

ඉස්ලාම් ආගමට අනුව බහු විවාහවලට මතු වී තිබෙන අර්බුද විසඳා ගැනීම සඳහා අධිකරණ ඇමැති අලි සබ්රි මහතා විසින් බහු විවාහ පනත සංශෝධනය කිරීම සඳහා ගෙන එන ලද කැබිනට් පත‍්‍රිකාව කැබිනට් මණ්ඩලය විසින් ප‍්‍රතික්ෂේප කර ඇත.

මේ සම්බන්ධයෙන් අධිකරණ ඇමැති අලි සබ්රි මහතා ගෙන් ‘දිවයින’ කළ විමසීමක දී ඒ මහතා කියා සිටියේ ලොව පුරා වෙසෙන ඉස්ලාම් ආගමිකයන්ට බහු විවාහ අවස්ථාව ලැබී තිබෙන බවයි. නමුත් ශ‍්‍රී ලංකාවේ වෙසන ඇතැම් ඉස්ලාම් ආගමිකයන් අදාළ ආර්ථික කොන්දේසි සපුරා ගැනීමකින් තොරව බහු විවාහ සිදුකර ගන්නා නිසා සමාජයීය වශයෙන් ගැටලූ රැුසක්ට මුහුණ දී සිටින බව ද ඔහු කීවේය.

විශේෂයෙන් මෙරට ඇතැම් මුස්ලිම් ජාතිකයන්ට නිසි ආදායමක්, වාසස්ථානයක්, දේපළ ආදිය නොමැතිවත් විවාහ කිහිපයක් කර ගැනීම නිසා මුස්ලිම් කාන්තාවන් දැඩි ආර්ථික මානසික පිඩාවන් විඳින බව ද ඒ මහතා කියා සිටියේය.

මේ නිසා බහු විවාහ පනත සංශෝධනය කර දෙපාර්ශ්වයට ම සාධාරණය ඉටු කිරීම සඳහා මෙම පත‍්‍රිකාව කැබිනට් මණ්ඩලයට යොමු කළ බවයි ඔහු පැවසීය.

සිංගප්පූරුව වැනි රටවල පුරුෂයාට හෝ කාන්තාවට අදාළ දේපළ තිබිය යුතු බවට කොන්දේසි දමා ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

නෝමන් පලිහවඩන
 

advertistmentadvertistment
advertistmentadvertistment