බ‍්‍රවුන්ස් කාර්මික ඉංජිනේරු අංශය, පාරිභෝගිකයන්ට කරදරයකින් තොර ලීසිං පහසුකම් ලබාදීම සඳහා HNB සමඟ අත්වැල් බැඳගනී

91

බ‍්‍රවුන්ස් කාර්මික ඉංජිනේරු අංශය, එමඟින් අලෙවි කරන ELGi එයා කොම්ප්‍රෙසර් සහ අනෙකුත් යන්ත්‍රෝපකරණ – උපාංග මිලදී ගැනීමට අපේක්ෂා කරන පාරිභෝගිකයන්ට සුවිශේෂී ලීසිං පැකේජ ලබාදීම සඳහා හැටන් නැෂනල් බැංකුව (HNB) සමඟ පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළඹුණි. මෙම නම්‍යශීලී ලීසිං විසඳුම මඟින් පාරිභෝගිකයන්ට වෙළඳපොලේ අඩුම අනුපාත යටතේ කරදරයකින් තොර ලීසිං පහසුකම් ලබා ගැනීමට අවස්ථාව සැලසේ.

විවිධ අභියෝග හමුවේ ජාතිය පෙර නොවූ විරූ තත්වයන්ට මුහුණදෙන පසුබිමක දේශීය නිෂ්පාදන හා ඉදිකිරීම් කර්මාන්ත සවිමත් කිරීම වැදගත් බව බ‍්‍රවුන්ස් විශ්වාස කරයි. එහිදී යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සඳහා දැරිය හැකි මූල්‍ය විසඳුම් ලබා දීමෙන් දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීම බ‍්‍රවුන්ස්හි අරමුණයි. මෙම හවුල්කාරිත්වය පිළිබඳ අදහස් දැක්වූ බ‍්‍රවුන්ස් ෆාමසියුටිකල්ස්, පාරිභෝගික සහ ඒකාබද්ධ ඉංජිනේරු සේවා අංශයේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී මංගල විජේසිංහ මහතා මෙසේ පැවසීය. ”අප හඳුනාගත් අපගේ අගනා ගණුදෙනුකරුවන්ට සුවිශේෂී ප‍්‍රතිලාභ ලබාදීම සඳහා නැවත වරක් HNB සමඟ අත්වැල් බැඳ ගැනීමට හැකිවීම ගැන අපි අතිශයෙන් සතුටු වෙමු. අපගේ නව්‍යකරන ජවය සහ පාරිභෝගිකයන් මුල්කරගත් ක‍්‍රමෝපාය පිළිබඳ අප සැමවිටම සාඩම්බරයට පත්වන අතර, අප සමාගම් දෙක විසින්ම එම අගයන්ට ප‍්‍රමුඛත්වය ලබාදේ. HNB සමඟ එක්ව අපගේ ගණුදෙනුකරුවන්ගේ සාර්ථක ඉදිරි ගමනකට අත්වැල සපයන්නෙමු.”

advertistmentadvertistment
advertistmentadvertistment