බ‍්‍රහස්පති ගැන දැනුවත් වෙමු

2406

ග‍්‍රහලොව විශාලතම ග‍්‍රහයා වන බ‍්‍රහස්පති උප ග‍්‍රහයින් 11කින් යුත් ග‍්‍රහයෙකි. බ‍්‍රහස්පති ග‍්‍රහයා, පුරුෂ ග‍්‍රහයෙකු වූ බ‍්‍රහස්පති ග‍්‍රහ පවුලේ පුරෝහිතයා වන අතර  ‘‘සෞභාග්‍යාධිපති’’ නම් ද වේ. පඨවි හා සාත්වික ගුණයෙන් පෝෂිත සෞම්‍ය ගුණයෙන් යුතු උභය ග‍්‍රහයෙක් වන ගුරු පෘථිවියට තරමක් ඈතින් පිහිටයි. තාරකා ග‍්‍රහයෙකු ලෙස සැලකෙන ගුරු මන්ති‍්‍ර, සාම්පතී, සුර ගුරු, අංගිර, අභි, ආචාර්ය, අංගීරස, අජ, සුර අප්රා, වදනිසුරු, අංගාරා, සුරමන්ති‍්‍ර, වාචපෙති, චන්ද්‍රාය, ඊජය, ප‍්‍රශාන්ත, ජීව, දේවගුරු, සූරපූජිතඃ, අමරෙජය, ඊඩපම්, ති‍්‍රදිවේශ, සුරැුජර, වේනූ, ජෛවින්, පයසායම්, බඹගුරු, සුරෙජ්ජා ආදී ලෙස පරියාය පද රැුසකින් හඳුන්වනු ලබයි. සුබ ග‍්‍රහයෙකු වන මෙන්ම පුත‍්‍ර කාරකයා ලෙස ද හඳුන්වන ගුරු ජන්ම පත‍්‍රයක 2 වැන්නට, 5 වැන්නට, 9 වැන්නට මෙන්ම 11 වැන්නට ද කාරක වේ. ඒ සම්බන්ධව භාවකාරණයන් සම්බන්ධ ස්ලෝකයේ මෙසේ දැක්වේ.

‘‘සූර්යෝ ගුරුඃ කුජඃ සෝමෝ
ගුරුර් භෞමො භෘගුඃ ශනි
ගුරුර් චන්ද්‍ර සූනෝ ජීවෝ
මන්දාශ්ච භාව කාරකඃ’’

උක්ත ස්ලෝකයට අනුව ඒ ඒ භාවවලට කාරක ග‍්‍රහයින් භාව අනුපිළිවෙළින් කියවේ. ලග්නයට දිග්බල වන ගුරු ජන්ම පත‍්‍රයක ආයු ස්ථානයක් වන 3 වැන්නට අසුබය. ඒ බව ස්ලෝකයක මෙසේ දැක්වේ.

‘‘චන්ද්‍රාෂ්ඨ මංච ධරනී සූත සප්තමංච
රාහුර් නවංච ශනි ජන්ම ගුරුර් නෘතියේ
අර්ගේසූ පංච භෘගු ෂෂ්ඨ බුධං චතුර්තේ
මානස්ථ හානි මරණානි භයානි කූරියා’’

සාමාන්‍යයෙන් බ‍්‍රහස්පතී ග‍්‍රහයා ඕනෑම ජන්මියෙකුගේ ආධ්‍යාත්මිකත්වය මෙන්ම යුක්තිගරුක බව මොනවට විදහාපාන අතර අධ්‍යාපනයට, නීතියට, දර්ශනයට මෙන්ම වෙළෙඳ ව්‍යාපාර ආදියට ද මූලික වේ. එසේම ගුරු ශරීරයේ මේදය සම්බන්ධව ද, දරු මුනුබුරන් හා සීයා සම්බන්ධව ද, පුද්ගල කීර්තිය සම්බන්ධව ද, ආශ‍්‍රයට ලැබෙන උගතුන්, ප‍්‍රභූන් සම්බන්ධව ද අධිපති වේ. යම් ආකාරයකින් ගුරු දුර්වල ජන්මපත‍්‍ර හිමියන් බොහෝ විට පිත් ආබාධ, දියවැඩියාව, අධික ස්ථුලතාව, උණ,

සෙංගමාලය, අක්ෂි රෝග හා ලිංගාශි‍්‍රත රෝගවලින් පීඩා විඳී. සතියේ දින 7 අතුරින් බ‍්‍රහස්පතින්දාට අධිපතිත්වය දරන ගුරු ග‍්‍රහයා ගුරු හෝරාවටත් ගුරු පංචම හා සූක්ෂ්ම හෝරා ආදියටත් අධිපතිත්වය දරයි. ලග්නයට දිග්බල වනතුරු ජන්ම පත‍්‍රයක ලග්නගත වීම තුළ ද තත්කාල කේන්දරයක ලග්නගත වීම තුළ ද කෝටියක් දෝෂ

භංග වේ. ගුරු කටක රාශියේ 50 දී පරම උච්ච වන අතර මකර රාශියේ 50 දී පරම නීච වේ. තවද ගුරු ධනු හා මීන යන උභය රාශි දෙකට ස්වක්ෂේත‍්‍ර වේ. එසේම ගුරු තමා සිටින තැනින් දෘෂ්ටිමය වශයෙන් 5 වැන්න, 7 වැන්න, 9 වැන්න දකී. ඒ බව ස්ලෝකයක මෙසේ කියවේ.

‘‘තී‍්‍ර දස රවි ශනි චන්ද්‍රෝ
කුජ බුධ චතුර් අෂ්ඨකං
ගුරු ශුක‍්‍ර නව පංච
සප්තමං සර්වේ සාදා’’

තවද අට දිශාව අතුරින් මරු නැති එකම දිශාව වන ඊසාන දිශාව ගුරුට අයිතිය. කෙසේ වෙතත් යම් ජන්මියෙකුගේ ගුරු ග‍්‍රහයා ප‍්‍රබල වූ කල එකී ප‍්‍රබලත්වය යම් පමණ වැඩි කරනු සඳහා 450ක වර්තන අංකයක් ලැබෙන සේ කපන ලද කැරට් දෙකකට වැඩි පළුදු නැති පුෂ්පරාග මැණිකක් රත‍්‍රං මුදුවකට අල්ලා ශරීරයේ ස්පර්ශ වන සේ පැළඳීම සිදු කරයි. එහෙත් මෙම ක‍්‍රමවේදය ගුරු කුල අනුව ඇතැම් විට වෙනස් වේ. ඒ දුබලයා තවත් දුබල කරනු වස් දුබලයාගේ සතුරු ග‍්‍රහයන් බලවත් කිරීම ආදී ලෙසය.

ජීව ග‍්‍රහයෙකු වන ගුරු විෂ්ණු ස්ථාන වන කේන්ද්‍ර ස්ථාන තුළ උච්ච, ස්වක්ෂේත‍්‍ර වන කල ගුරු හංස නමැති පංච මහා පුරුෂ යෝගය උදා වේ. මෙම යෝගය ශුභ ධන යෝගයක් වන අතර මෙහි ඵල උපරිමව ලැබීමට නම් එම ගුරු වක‍්‍ර නොවී රවිට 110ට වඩා ළංව අස්ථ නොවී ග‍්‍රහ යුද්ධ ආදියෙන් නොපැරදී පංච මහා පුරුෂ යෝග

භංග වන ග‍්‍රහ පිහිටීම් වන ශනි ගුරු සංයෝගය, ශනි විසින් ගුරු දැකීම, ගුරු කේතු සංයෝගය හා මෙකී ගුරු තවත් ග‍්‍රහයෙකු හා සංයෝග වීම ආදී කරුණුවලින් ද එසේම ගුරු නිදනාම්ශ ගත වීම් අෂ්ඨාමංශගත වීම් මෙන්ම ඛර නවාංශකාධිපති මෙන්ම ඛර දෙර්කානාධිපති හෙවත් 22 වන දෙර්කානාධිපති වීමෙන් ද 64 නවාංශකාධිපති සේම බාදක ග‍්‍රහයා වීමෙන් ද ආදී මෙකී නොකී කරුණුවලින් තොරව අශුභ පාපී දෘෂ්ටි සංයෝග ආදියෙන් තොරව නිර්මලව බලවත්ව සිටිය යුතුය. ගුරු ජිද්‍ර ග‍්‍රහයෙකු නොවිය යුතුය.

ගුරු ග‍්‍රහයා රවි චන්ද්‍ර හා සිකුරු යන ග‍්‍රහයන්ට වඩා අඩු නෛසර්ගික බලයකින් යුතු අතර ශනි, කුජ හා බුධ යන ග‍්‍රහයන්ට වඩා වැඩි නෛසර්ගික බලයකින් යුතුය. එසේම රවි, චන්ද්‍ර, කුජ, නැප්චුන්, ප්ලූටෝ හා කේතුට නෛසර්ගව මිතුරු වන ගුරු; ශනි යුරේනස් හා රාහුට නෛසර්ගිකව සම වන අතර බුධ හා සිකුරුට නෛසර්ගිකව සතුරු වේ. එහිදී සිකුරුගේ නෛසර්ගික සතුරු බව ‘‘ගුරු ශුක‍්‍ර සදා වෛරං’’ යන කියමනෙන් තව තවත් මනාව තහවුරු වේ. කෙසේ වෙතත් ජන්ම පත‍්‍රයක ගුරු අනියම් පෝෂක ග‍්‍රහයා වනවාට වඩා පෝෂක ග‍්‍රහයා වීම ද විම්ශෝපාක බලය තුළින් ගුරු ග‍්‍රහයා ඉහළ ප‍්‍රතිශතයක් හිමි කර ගැනීම ද ඉහළ සුබඵල උදා කරන කරුණුය. තවද මෙම ගුරු කර්ම පාලක ග‍්‍රහයෙකු වීම ද ජන්මියාට සුබඵල දායකය. එසේම ගුරු සෙසු ග‍්‍රහයන්ට තත්කාලීනව මිතුරු වීම ද ජන්මියාට බෙහෙවින් වාසි සහගතය. එපමණක් නොව ගුරු චිත්තාංශක ග‍්‍රහයා වීම ද ඉතා වටී.

ග‍්‍රහ ගෝචරය අතින් බලන කල ගුරු වසරක් රාශියක ගත කරයි. ඒ එක් සූර්ය දිනයකදී ගුරු කලා 5ක් පමණ ඉතා සුළු දුරක් ගමන් කරන බැවිනි. විංශෝත්තරී දශා ශේෂය සලකන කල ගුරු ග‍්‍රහයාට හිමි කාලසීමාව වසර 16කි. ගුරුගේ යෝග කාරකත්වය සලකන කල මේශයට ගුරු යෝග කාරක වන අතර කටකයට හා වෘශ්චිකයට අර්ධ යෝග කාරක තත්ත්වයක් උසුලයි.

තවද ගෝචරයේදී උත්පත්ති කේන්දරයේ චන්ද්‍රයා කෙරෙන් 1, 4, 10 ස්ථානයක ගුරු ගෝචරය වීම කර්ම ගුරු අපලය ජන්මියාට උදා කිරීමකි. මෙය එක්තරා ආකාරයක ඒරාෂ්ඨක අපලයකි. වසරක කාලයක් පවතින මෙම අපලය මඟහරිනු වස් හෝ දැඩි බව සටහන් කරනු වස් කළයුතු වත්පිළිවෙත් කිහිපයකි. ඒ මෙසේය.

* ගුරුට හිමි වෘක්ෂය වන බෝ ගසට පූජා පැවැත්වීම සහ සෙවණේ සිටීම

* ගුරුගේ වර්ණය වන කහ පැහැ මල් පූජාව

* කහ පැහැ වස්ත‍්‍ර දන්දීම

සාමාන්‍යයෙන් ගුරු ග‍්‍රහයා යම් ජන්මියෙකුගේ ජන්ම පත‍්‍රයේ ඛර දෙර්කාණාධිපති හෙවත් 22 වන දෙර්කාණාධිපති, 64 නවාංශකාධිපති, ඛර නවාංශකාධිපති වන කල ගුරුට හිමි මහ දශා අන්තර්දශාවල මාරක අපලකාරී තත්ත්ව ඇති විය හැකි බැවින් ඉහත සඳහන් ගුරුට අදාළ වත්පිළිවෙත් භක්තියෙන් සිදු කර අපලයේ දැඩි බව සටහන් කර ගැනීම ඥානාන්විතය. එසේම ගුරු බාධක ග‍්‍රහයා වන කල එම බාධක තත්ත්වය සටහන් කරනු වස් ද උක්ත වත්පිළිවෙත් මහෝපකාරීය. එපමණක් නොව පුනාවස, විසා හා පුවපුටුප ගුරුට හිමි නැකැත් වන අතර ගුරු ග‍්‍රහයා අවට 60ක ප‍්‍රමාණයක රශ්මිය පවතී. ගුරුට මිනිස් සිරුරේ උකුල ප‍්‍රදේශය අයත් වේ. ෂඞ්විද බලය අතින් කාල බලය සැලකූ කල ගුරු දිවා කාලයට මෙන්ම පුර පක්ෂයට කාල බලය අතින් බලවත්ය.

තවද තාරා ග‍්‍රහයෙකු වන ගුරු වෙනස් වන වෘද්ධ ග‍්‍රහයෙකි. එම ගුරු මිථුන, කන්‍යා යන උභය රාශි ද්විත්වයම බාධක ග‍්‍රහයා වන අතර ගුරු ආත්මකාරක ග‍්‍රහයා වීම ද සුබය. එසේම පාලන හා ඉෂ්ට දේවතාවන් දේවතාවියන් සෙවීමේදී ගුරුට බ‍්‍රහ්ම සරස්වතී දේවිය හිමිය. එපමණක් නොව යමෙකුගේ බුද්ධි මට්ටම පෙන්වන සාත ලග්නය හෙවත් ලග්නාධිපතියා සිටින රාශියට කාරකයා ද ගුරුම වේ.

බ‍්‍රහස්පති ගැන දැනුවත් වෙමු

ජ්‍යොතිෂ්‍යවේදී, දේශබන්දු
ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද
පානදුර
දු.අංකය 0774 126 023

advertistmentadvertistment
advertistmentadvertistment