බ්‍රැන්ඩික්ස් උසස් පෙළ සිසුන් දිරිගැන්වීමට ‘මනුසත්කාර’ විශ්වපවිද්‍යාල ශිෂ්‍යත්ව වැඩසටහන දියත් කරයි

56
කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට සුදුසුකම් ලැබූ ගම්පහ ප්‍රදේශයේ ඩී. එන්. ඩී. දැරණියගල ශිෂ්‍යාව තමන්ට හිමි ශිෂ්‍යත්වය ලබාගනිමින්. ඇගේ පවුලේ සාමාජික සාමාජිකාවන් ඇතුළු තවත් පිරිසක්ද ඡායාරූපයෙහි සිටිති.

මෙරට ප්‍රමුඛතම ඇඟලුම් නිෂ්පාදන සමාගමක් වන බ්‍රැන්ඩික්ස් ඇපරල් (Brandix Apparel Ltd), උසස් පෙළ සිසුන් සිසුවියන් දිරිමත් කිරීමේ අරමුණින් විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව වැඩසටහනක් හඳුන්වාදී තිබේ.

ශ්‍රී ලංකාවේ සිසු සිසුවියන් බොහෝ දෙනෙකුට අධ්‍යාපන වියදම් දැරීම ගැටලු‍වක් බවට පත්වෙමින් පවතින පසුබිමක් තුළ මෙය අතිශයින් කාලෝචිත වැඩසටහනක් වනු ඇත.

මෙම වැඩසටහන නම් කර ඇත්තේ ‘මනුසත්කාර විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව වැඩසටහන’ යනුවෙනි. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතම දක්ෂතා පෙන්නුම් කරන සිසු සිසුවියන්ගේ උසස් අධ්‍යාපන කටයුතු වලට අත්වැලක් වෙමින්, ඔවුන්ගේ පෞද්ගලික සහ වෘත්තීය සංවර්ධනයට අවශ්‍ය පිටුබලය ලබාදීම මෙහි මූලික අරමුණ වී ඇත.

මේ දක්වා මෙම වැඩසටහන යටතේ සිසු සිසුවියන් 18 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනමා ඇත. එම සිසු සිසුවියන් දැනටමත් පූර්ව පුහුණු වැඩසටහන් සහ ඉංග්‍රීසි භාෂා වැඩසටහන් සාර්ථක ලෙස අවසන් කර ඇති අතර, ඔවුන්ගේ විශ්ව විද්‍යාල දේශනද මේ වනවිට සාමාන්‍ය සහ මාර්ගගත ක්‍රම යටතේ ආරම්භ වී තිබේ. ශ්‍රී ජයවර්ධනපුර, කොළඹ, කැළණිය, මොරටුව, රජරට, නැගෙනහිර, පේරාදෙණිය සහ වයඹ යන විශ්ව විද්‍යාලවල මෙම සිසු සිසුවියෝ ඉගෙනුම ලබති.

advertistmentadvertistment
advertistmentadvertistment