බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් රජය බිඳ වැටේ ද?

579

අයවැය නොවැම්බර් 17 දා… මහජන සේවා කප්පාදු කෙරේ

බ්‍රිතාන්‍යය නව අගමැති රිෂි සුන්ක් අගමැති වී පැය 24 ක් ගත වීමට පෙර ඔහු මුහුණ පෑ බරපතළ ප්‍රශ්නය වූයේ රාජ්‍ය රහසක් හෙළි වීමයි. මේ රහස් පිටවූයේ කෙසේද? ස්වදේශ ලේකම් සුඑලි බ්‍රේව්මන් ප්‍රමුඛ කණ්ඩායමක් විසින්මේ ගැන විමර්ශන ආරම්භ කර ඇත. ඒ එම් අයි 15 නමැති බ්‍රිතාන්‍ය බුද්ධි සේවාවේ ඒජන්තවරයකු වූ එක්ස් සම්බන්ධ අනාවරණය වීමයි. බී.බී.සී. සේවාව මෙම ඒජන්ත ගැන හෙළිදරව් කිරීමට සැරසෙන අවස්ථාවේ ඊට එරෙහිව අතුරු තහනමක් ගැනීමට රජය තීරණය කර තිබිණි.

එහෙත් එම රහස බී.බී.සී. සේවාවට හෙළි විය. මෙම රහස් පිට කළේ කවුදැයි වාර්තා වී තිබේ. එම ඒජන්තවරයා සිය බලය භාවිත කිරීමට ක්‍රියා කරන බවට වාර්තා වී තිබිණි.

මේ පසුබිම මැද රිෂි සුන්ක්ගේ රජය බිඳ වැටේද?

එසේම ආරක්ෂක වැය සහ විශ්‍රාම වැටුප් කප්පාදු කිරීමට ද ඔහු සැලසුම් කර තිබේ. මෙය දුෂ්කර ක්‍රියාවක් බව සුන්ක් ප්‍රකාශ කර ඇත.

දැනටමත් බ්‍රිතාන්‍ය රජය ආර්ථික අර්බුදයකට මුහුණපා තිබේ. එසේම විශ්‍රාම වැටුප් කප්පාදු කිරීමට නව රජය උත්සාහ කළහොත් විශ්‍රාමිකයන් රිෂි සුන්ක්ට එරෙහිව නැඟී සිටිනු නියතය. රිෂි නවක දේශපාලනයෙකි.

බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුට වඩා වත්කම් ඇති රිෂිට සමාගම් පහක් ද ඇමරිකාවේ සුපිරි නිවසක් ද වේ. දැවැන්ත පරිගණක සමාගමක හිමිකරුවන්නේ ඔහුගේ බිරිය යි. රේන්ජ් රෝවර්, ලෙක්සස්, බී.එම්.ඩබ්ලිව් ඇතුළු මෝටර් රථ හතරක් හිමි රිෂිගේ වත්කම ස්ටර්ලින් පවුම් මිලියන 730 කි.

විදේශ රටවලදී උපයන මුදල්වලට රිෂිගේ බිරිය වූ අක්ෂරා බදු ගෙවන්නේ නැත. එහෙත් ඔහුට ඇති දේශපාලන දැනීම මත ඔහුට රජය ගෙන යා හැකිද? තමා හිටපු අගමැතිනි රිසා ට්‍රස්ගේ ආර්ථික පිළිවෙත ආපස්සට හරවන බව රිෂි පවසා ඇත. සුපිරි ධනවතකු වූ රිෂිට එරට කම්කරු පන්තිය හා මධ්‍යම පන්තිය ගැන මනා දැනීමක් නොමැත. මේ නිසා ඉදිරියේදී රජය බිඳ වැටී නව මැතිවරණයක් පැවැත්වීමට ඉඩ ඇති බව වාර්තා වේ.

එසේම රිෂි සුන්ක් යුක්රේන යුද්ධයට සහාය දක්වන බව ද පවසා ඇත. ඒ සඳහා වැය වන්නේ එරට ජනතාවගේ බදු මුදල්ය.

මෙවන් වාතාවරණයක් මැද බ්‍රිතාන්‍යයේ ඉදිරි අනාගතය අවිනිශ්චිත බව වාර්තා වේ. ජනාතවට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව ආර්ථික විශේෂඥයන් තවදුරටත් ප්‍රකාශ කර ඇත.

හිටපු අගමැතිනි ලිසා ට්‍රස්ගේ කාලය දින 44 කි. රිෂිගේ කාලය ගැන ද බ්‍රිතාන්‍ය මාධ්‍ය විවිධ මත පළ කර තිබේ.

එසේම රාජ්‍ය රහස් පිටවීම බරපතළ ප්‍රශ්නයකි. මේ නිසා තව කොපමණ කලක් රජය ගෙන යා හැකිද? මේ හැර බළලා මල්ලෙන් එළියට පැන්නා යන කියමන සනාථ කරමින් රිෂි පවසන්නේ ඉන්දියාව සමග සහයෙන් කටයුතු කරන බවය.ි රුසියානු රජය දැනටමත් රිෂිට එරෙහි වී තිබේ. පාකිස්තානය ද රිෂිට කැමැත්කක් නැත. ඒ ඔහුගේ ඉන්දීය සම්භවය නිසායි.

මේ අතර බ්‍රිතාන්‍ය අයවැය ලේඛනය නොවැම්බර් 17 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. නව අගමැති රිෂි සුන්ක් පැවසුවේ ජනතාව වෙනුවෙන් වැය කරන මහජන මුදල් කපාහරින බවයි. එය කොපමණදැයි ඔහු හෙළි කර නැත. මේ පසුබිම මැද බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂය පාර්ලිමේන්තුවේදී දැනටමත් රිෂිට එරෙහි වී ඇත. ඉවත් කරනු ලැබූ සුලේ පෙව්මන් නැවත පත් කිරීම ගැන සුන්ක්ට චෝදනා එල්ල වී තිබේ. බ්‍රිතාන්‍ය මාධ්‍ය සුන්ක්ව හඳුන්වන්නේ හින්දි සිනමාවේ නළුවකු ලෙසය. රිෂි බොලිවුඩ් නළුවන් අනුකරණය කරන බවට බ්‍රිතාන්‍ය මාධ්‍ය ප්‍රකාශ කර තිබේ. නව අගමැති රිෂි සුන්ක් පැවසුවේ ජනතාව වෙනුවෙන් වැය කරන මහජන මුදල් කපා හරින බවයි. එය කොපමණදැයි ඔහු හෙළි කර නැත. මේ පසුබිම මැද බ්‍රිතාන්‍යය ලේබර් පක්ෂය පාර්ලිමේන්තුවේදී දැනටමත් රිෂිට එරෙහි වී ඇත. ඉවත් කරනු ලැබූ සුලේ ප්‍රෙව්මන් රාජ්‍ය රහස් පිටවීම ගැන පරීක්‍ෂණ කිරීමට පත් කිරීම ගැන සුන්ක්ට චෝදනා එල්ල වී තබේ. බ්‍රිතාන්‍ය මාධ්‍ය සුන්ක්ව හඳුන්වන්නේ හින්දි සිනමාවේ නළුවකු ලෙසයි. රිෂි බොලිවුඩ් නළුවන් අනුකරණය කරන බවට බ්‍රිතාන්‍ය මාධ්‍ය කියා සිටී.

මේ අතර බොරිස් ජොන්සන්ගේ කැබිනට් මණ්ඩලයේ සිටි ඇමැතිවරු රිෂි සුන්ක් තම කැබිනට් මණ්ඩලයට ගෙන ඇතැයි හෙළි වී තිබේ.

මේ පසුබිම මැද බ්‍රිතාන්‍යයේ දේශපාලන තත්ත්වය සතුටුදායක නොවන බව දේශපාලන නිරීක්ෂකයෝ පවසති.

මේ තත්ත්වය මැද පාරිසරික ඇමැති ලෙස කටයුතු කළ රනිල් ජයවර්ධන ද සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇත. මෙතෙක් රිෂිගේ කැබිනට් මණ්ඩලය මුළුමනින්ම අනාවරණය වී නැති අතර නොවැම්බර් 17 දා අයවැය ලේඛනයෙන් පසු කොන්සර්වේටිව් පක්ෂය තුළ අර්බුද මතු වනු ඇතැයි වාර්තා වේ.

මේ අතර රාජ්‍ය රහස් හෙළි කළේ සුලේ බ්‍රේව්මන් බව හෙළි වී ඇත. ඇය සිය පුද්ගලික විද්‍යුත් තැපෑලෙන් කොන්සර්වේටිව් මන්ත්‍රීවරයකු වූ වෙත යැව් විද්‍යුත් ලිපියක් නිසා එම තොරතුරු හෙළි වී ඇත.

එහෙත් රිෂි සුන්ක් ඇයට ස්වදේශ ලේකම් ධුරය පිරිනමා ඇත. මේ ගැන ලේබර් පක්ෂයේ දැඩි විරෝධය මතු වී ඇත. මෙලෙස විරෝධතා මතුවීම යහපත් තත්ත්වයක් නොවේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment