බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අගමැති ඉල්ලා අස්වේ

182

බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අගමැති ඩොමිනික් රාබ් ඊයේ (20 දා) හදිසියේම සිය ධුරයෙන් ඉල්ලා අස්වීය. ඔහු එරට අධිකරණ ඇමැතිවරයා ලෙසද කටයුතු කළේය.

තම ඉල්ලා අස්වීමේ තීරණය ඩොමිනික් රාබ් අග්‍රාමාත්‍ය රිශී සුනක් වෙත ලිඛිතව දැනුම් දී ඇති අතර පසුව ඔහු එය තම ටිව්ටර් ගිණුමේ දක්වා ඇත.

තමාට එරෙහි පරීක්‍ෂණය භයානක පූර්වාදර්ශයක් බව රාබ් එහි සඳහන් කර ඇත. තමා දිගටම රජයට සහාය දක්වන බව සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment