බ්‍රේක් ඩවුන් ප්‍රමාදයට හේතු ලංවිම කියයි

109

වර්තමානයේ රටෙහි පවත්නා ඉන්ධන අර්බුදය ලංකා විදුලිබල මණ්ඩලයට ද අභියෝගයක්ව ඇත. විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීම සහ නඩත්තු කටයුතු සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ ක්ෂේත්‍ර සේවයේ රථ වාහන යොමු කිරීමේදී ඉන්ධන හිඟය හේතුවෙන් ප්‍රමුඛතාවයන් හඳුනා ගනිමින් වාහන යොමු කිරීමට ලංවිමට සිදුව ඇති නිසා හදිසි විදුලි බිඳවැටුම් යථා තත්ත්වයට පත් කිරීමේදී යම් ප්‍රමාදයන් සිදුවිය හැකි බව ලංවිම වැඩබලන සාමාන්‍යාධිකාරි ඉංජිනේරු ඩී. සී. ආර්. අබේසේකර මහතා පවසයි.

සම්පත සීමිත වීමේ අභියෝගය ලංවිම පාලනයෙන් බැහැර කරුණක් වුව ද, පාරිභෝගික ජනතාව වෙත සිදුවන අපහසුතාවන් අවම කර ගැනීම සඳහා හැකි ඉක්මනින් විදුලිය සැපයීමට කැපවී සිටින බව ද ඒ මහතාගේ නිවේදනයේ දැක්වේ.
 

advertistmentadvertistment
advertistmentadvertistment