බ්ලැක්ලිස්ට්  ගලවයි – දෙමළ සංවිධාන 6ක  පුද්ගලයන් 316ක

282

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සම්මුති 1373 යටතේ දැනට අසාදු ලේඛනගත කර ඇති සංවිධාන 06ක් සහ පුද්ගලයන් 316ක් අසාදු ලේඛනයෙන් ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත. එසේම නව සංවිධාන 03ක් සහ පුද්ගලයන් 55ක් අසාදු ලේඛනයට එක් කිරීමටද තීරණය කර තිබේ.

ඊට අදාළව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. එම ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කර ඇති අසාදු ලේඛනයෙන් ඉවත් කළ සංවිධාන මෙසේය.

ඔස්ටේ්‍රලියානු දෙමළ කොංග්‍රසය, ගෝලීය දෙමළ සංසදය, ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව, ද්‍රවිඩ ඊළාම් ජනතා සම්මේලනය, කැනේඩියානු දමිළ කොංග්‍රසය සහ බි්‍රතාන්‍ය දමිළ සංසදය යන සංවිධාන හයයි.

අලුතින් අසාදු ලේඛනයට එක් කර ඇති සංවිධාන 03 වන්නේ දාරූල් අදර් හෙවත් ජමිඋල් අදර් මොස්ක් හෙවත් ධාරුල් අදර් කුරාන් මද්‍රසා හෙවත් දාරූල් අදර්, ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය හෙවත් ජමියා සහ සේව් ද පර්ල්ස් හෙවත් සේව් ද පර්ල් සමාජය යන සංවිධානයන්ය.

දැනට අසාදු ලේඛනයේ ලැයිස්තු කර ඇති සංවිධාන 15 මෙසේය.

ද්‍රවිඩ ඊළාම් විමුක්ති කොටි සංවිධානය හෙවත් එල්.ටී.ටී.ඊ. හෙවත් දෙමළ කොටි සංවිධානය, දෙමළ පුනරුත්ථාපන සංවිධානය හෙවත් ටීආර්ඕ, දෙමළ සම්බන්ධීකරණ කමිටුව හෙවත් ටී.සී.සී. ප්‍රංශය, ලෝක දෙමළ ව්‍යාපාරය හෙවත් ඩබ්ලිව්.ටී.එම්, දේශසීමා ඉක්මවූ දෙමළ ඊළාම් රාජ්‍යය හෙවත් ටී.ජී.ටී.ඊ, ලෝක දෙමළ සහන සාධක අරමුදල හෙවත් ඩබ්ලිව්.ටී.ආර්.එෆ්, මූලස්ථාන කාර්යාලය හෙවත් එච්.කිව්.ගෲප්, ජාතික තව්හිද් ජමාත් සංවිධානය හෙවත් එන්.ටී.ජේ, ජමාතේ මිලාතේ ඊබ්‍රාහීම් හෙවත් ජේ.එම්.අයි, විලයාත් අස් සෙයිලානි, කැනේඩියානු ද්‍රවිඩ ජාතික කවුන්සිලය හෙවත් එන්.සී.සී.ටී, ද්‍රවිඩ තරුණ සංවිධානය හෙවත් ටී.වයි.ඕ, දාරු අදර් හෙවත් ජමිඋල් අදර් මොස්ක් හෙවත් හෙවත් ධාරුල් අදර් හෙවත් දාරුල් අදර් අත්තබවියා, ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය හෙවත් ජමියා සහ සේව් ද පර්ල්ස් හෙවත් සේව් ද පර්ල් සමාජය යන සංවිධාන 15 ය.

මෙලෙස අසාදු ලේඛනයෙන් ඉවත් කිරීම සහ නැවත එකතු කිරීමට අනුව තවදුරටත් අසාදු ලේඛනයේ ඇති සංවිධාන ගණන 15ක් වන අතර පුද්ගලයන් ගණන 316ක් බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

උපාලි ද සේරම්
 

advertistmentadvertistment
advertistmentadvertistment