බ්ලැක් ස්ටෝන් සමාගම ජපානය සහ ඉන්දියාවේ ආයෝජනයට

185

ලොව විශාලතම ඇමෙරිකානු ආයෝජන සමාගමක් වන බ්ලැක් ස්ටෝන් සමාගම සිය ව්‍යාපාර කටයුතු ඉන්දියාවේ සහ ජපානයේ ආයෝජනය කිරීමට තීරණය කර ඇතැයි එහි ප්‍රධාන සංවිධායක නිලධාරී ස්ටීවන් ෂ්වර්ස්මන් මහතා පවසයි. ඇමෙරිකාවේ ජීවන වියදම සියයට 2%කින් ඉහළ යාම නිසා සහ පොළී අනුපාතික ඉහළ යාම නිසා සිය ව්‍යාපාර කටයුතු විදෙස් රටවල වෙත ව්‍යාප්ත කිරීමට අවධානය යොමු කර ඇතැයි ද සඳහන් කරයි. සිය සමාගම 2026 වසර වනවිට ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියනයක් දක්වා වත්කම් වර්ධනය කර ගැනීමට සිව් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතය බවද පවසයි.ඒ සදහා ඉන්දියාව සහ ජපානය වැනි ආසියානු රටවල් හි ආයෝජන කටයුතු සිදු කිරීම ඊට එක් පියවරක් බවද සඳහන් කරයි.ඉන්දියාව විශාලතම විදුලි වාහන සැපයුම් කරුවෙක් බැවින් එය වර්ධනය සදහා තම සමාගම පළමුව ආයෝජනය කිරීමට තීරණය කර ඇති බවත් ඔහු පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment