බ්ලූ ස්ටාර්ස් – ඩිෆෙන්ඩර්ස්ට තරු පෙන්වයි

112

ශ‍්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලිය යටතේ ඊයේ (30) සවස කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගනයේදී පැවති ඩිෆෙන්ඩර්ස් සමාජය සහ කළුතර බ්ලූ ස්ටාර්ස් සමාජය අතර තරගයෙන් ගෝල් 03 – 01 ක ජයග‍්‍රහණයක් සටහන් කර ගැනීමට බ්ලූ ස්ටාර්ස් සමාජය නියෝජනය කළ ක‍්‍රීඩකයෝ සමත් වූහ.

ප‍්‍රථම භාගය නිමා වන විට ගෝල් 01 – 01 ක් ලෙස වාර්තා කර ගනිමින් දෙපිලම සම දක්ෂතා ප‍්‍රදර්ශනය කළත් දෙවන භාගය ආරම්භයේ සිටම සංවිධානාත්මක ක‍්‍රීඩා රටාවක නිරත වෙමින් විශිෂ්ට අවසානයක් කරා ගමන් ගැනීමට කළුතර ක‍්‍රීඩකයින්ට හැකි වීම කැපී පෙනුණි. ඒ වන විට ගෝල් තත්ත්වය 03 – 01 ක් ලෙස සටහන් විය.

බ්ලූ ස්ටාර්ස් ජයග‍්‍රහණය සනාථ කළ ෂෙනාල් සංදේශ් (02) සහ අරපාදේ ජෙරී (01) බැගින් ගෝල් රැුස් කළ අතර පරාජිත පිලේ එකම ගෝලය සජිත් කුමාර මෙන්ඩිස් ගේ පාදයෙන් සටහන් වුණි.

මෙම තරගය තරංග පුෂ්පකුමාර මහතා විසින් විනිශ්චය කරන ලදී.

මේ අතරවාරයේ පෙරේදා (29) රාත‍්‍රියේ පැවති කොළඹ රිනවුන් සමාජය සහ වෙන්නප්පුව නිව් යංග්ස් සමාජ අතර තරගයෙන් ගෝල් 02 – 01 ක තියුණු ජයග‍්‍රහණයක් සටහන් කර ගැනීමට රිනවුන් පිලට හැකි විය. තරගයේ පළමු භාගය තුළ දෙපිලටම ගෝල් වාර්තා කර ගැනීමට නොහැකි වීම කැපී පෙනුණු නමුත් දෙවන භාගයේ දී ගෝල් 02 -01 ක ජයග‍්‍රහණයක් සටහන් කර ගැනීමට රිනවුන් ක‍්‍රීඩකයෝ සමත් වූහ.

රිනවුන් ජයග‍්‍රහණය වෙනුවෙන් ආක‍්‍රමණශීලී ක‍්‍රීඩා රටාවක නිරත වූ ඩිලාන් මධුශංඛ (01) ජූඞ් සුපුන් (01) බැගින් ගෝල් වාර්තා කර ගත් අතර පරාජිත පිලේ එකම ගෝලය මොහොමඞ් මූෂීකාන් සටහන් කළේය.

මොහොමඞ් ජෆ්රාන් මහතා විසින් මෙම තරගය විනිශ්චය කරන ලදී.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment