බ්‍රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි ව්‍යාපෘතියේ ප‍්‍රධාන උමං මාර්ගයට අගමැති අතින් ජලය මුදාහැරේ

241

ලක්ෂපාන සංකීර්ණයේ අවසන් ජල විදුලි බලාගාරය වන බ්‍රෝඅනුර බාලසූරියලන්ඞ්ස් ජල විදුලි ව්‍යාපෘතියේ ප‍්‍රධාන උමං මාර්ගයට ජලය පිරවීමේ සමාරම්භක අවස්ථාව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී මාර්ගගත ක‍්‍රමවේදය යටතේ සිදුවිය.

මස්කෙළිය ඔය හරස් කර පොල්පිටියේ ඉදිකර ඇති වේල්ලේ සිට කිතුල්ගල කලූකොහුතැන්නේ පිහිටි බලාගාරය දක්වා කිලෝමීටර් 3.5 කින් යුතු මෙම ප‍්‍රධාන උමං මාර්ගය හරහා ජලය රැුගෙන යෑමෙන් ජාතික විදුලිබල පද්ධතියට වාර්ෂිකව මුදාහැරෙන විදුලි නිෂ්පාදනය ගිගාවොට් පැය 126 කි. මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ ඇස්තමේන්තු ගත වියදම ඇමරිකානු ඩොලර් මිලියන 97 කි.

චීනයේ කර්මාන්ත හා වාණිජ බැංකුවත් ශී‍්‍ර ලංකාවේ මහජන බැංකුව සහ හැටන් නැෂනල් බැංකුවත් ඊට මූල්‍ය පහසුකම් සපයා ඇත. මෙම අවස්ථාවට විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ එම්. යූ. එම්. අලි සබ්රි, රාජ්‍ය අමාත්‍යවරු වන දුමින්ද දිසානායක, සෙන්දිල් තොණ්ඩමන්, ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු එම්. ආර්. රණතුංග, නියෝජ්‍ය සාමන්‍යාධිකාරි ඉංජිනේරු නොයෙල් පි‍්‍රයන්ත, ව්‍යාපෘති අධ්‍යක්ෂ එච්. එම්. විජේකෝන් යන මහත්වරු ඇතුළු නිලධාරි පිරිසක් සහභාගි වූහ.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment