බාධක මැද වේදිකාවට එන 2019 ජූලි මාසේ දවසක්

166

අද අධ්‍යක්‍ෂවරයෙක්
කතාබහ -රාජිත දිසානායක


 * ඉවත් වුණ බාධාව

 කොවිඞ් වසංගත තත්ත්වය යම් තරමක් දුරට පාලනය වීම නිසා අපේ රටේ මිනිසුන්ගේ සංස්කෘතික ජීවිතය නැවතත් ආරම්භ කිරීමට ඉඩක් ලැබිල තියෙනවා. අපේ කණ්ඩායම වුණත් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව වැඩකටයුතු කරගෙන යනව. ඒ වගේම පේ‍්‍රක්‍ෂකයන්ගෙනුත් ඉල්ලීමක් කරන්න ඕනා ලැබුණ වස්ථාවෙන් බොහොම පරිස්සමට ප‍්‍රයෝජන ගන්න කියල.

 නැවතිල තිබුණ වේදිකාවට ඉඩක් ලැබීමත් එක්ක නැවතත් ජීවත් වෙනවා කියන හැඟීම අපිට දැනෙනවා. නමුත් නාට්‍ය සම්බන්ධයෙන් වගේම අනෙකුත් සියලූම දේවල්වල පිරිවැය වැඩිවෙලා තියෙනව. පේ‍්‍රක්‍ෂකයාටත් මේ බර දැනෙන නිසා තමන්ගේ රසවින්දනය සීමාකරගන්න සිදුවෙලා තියෙනවා. කොහොම වුණත් මේ ලැබුණ අවස්ථාව ඇත්තටම සතුටට කරුණක්.

 * අලූත් වැඩක්

 මගේ අලූත්ම නිර්මාණය ‘2019 ජූලි මාසේ දවසක්.. මේ නාට්‍යයට පාදක වෙන්නෙ අපේ රටේ වර්තමානය ගතකරමින් ඉන්න දශකයේ සිදුවෙමින් පවතින දේශපාලන හා සමාජ පරිවර්තනයන්වල මූලාරම්භක

 අවස්ථාවක්. සමාජයේ ජීවත් වන අය අය විදිහට අපේ අමතක වීම වැඩියි. සිතීම අඩුයි. නමුත් කලාවෙන් පුළුවන් මතකය අලූත් කරන්න සහ සිතීම පුළුල් කරන්න. මේ නාට්‍ය හරහා මම කරන්න උත්සාහ කරන්නෙ ඒ දේ.

බාධක මැද වේදිකාවට එන  2019 ජූලි මාසේ දවසක්



 * නළු නිළි කැල

 මේ නාට්‍යයට ජයනි සේනානායක” සම්පත් ජයවීර” අනුරාධ මල්ලවාරච්චි” ගිහාන් ද චිකේරා” නලින් ලූසේනා” සුලෝචනා වීරසිංහ” ප‍්‍රසාදිනී අතපත්තු සහ අනුක් ප‍්‍රනාන්දු රංගනයෙන් දායක වෙනවා.

 * තිරය පිටුපස දායකත්වය

 මට මේ කාර්ය සිදු කරන්න තිරය පිටුපස සිට මේ අයත් ලොකු සහයෝගයක්

 ලබා දෙනවා. සංගීත නිර්මාණය මහිර දිසානායක” රංගාලෝකකරණය රංග සමරකෝන් සහ අනුරාධ මල්ලවාරච්චි” අංගරචනය ප‍්‍රියන්ත දිසානායක” වේදිකා පසුතල නිර්මාණය ධර්මප‍්‍රිය ඩයස් සහ අනුරාධ මල්ලවාරච්චි” ඇඳුම් නිර්මාණය නලින් ලූසේනා සහ සමදරා

 මාබුළුගේ” වේදිකා පරිපාලන සහාය අශාන් පෙරේරා” චරිත් මධුරංග සහ තේජින සෞභාග්‍ය” වේදිකා පරිපාලනය ලෙනින් ලියනගේ.

 * බාධක

 2021 ජනවාරි මාසයේ මංගල දර්ශනය පෙන්වන්න සූදානමින් අපි මේ නාට්‍යයේ පුහුණුවීම් ආරම්භ කළේ 2020 අගෝස්තු මාසයේ. නමුත් දෙවැනි රැුල්ල නිසා ඒ කටයුතු නවත්වන්න සිදු වුණා. නැවත 2021 ජනවාරි මාසයේ පුහුණුවීම් ආරම්භ කළේ මැයි මාසයේ වේදිකාගත කරන්න. නමුත් තුන්වැනි රැුල්ල නිසා දෙවැනි වරටත් ඒ කටයුතු නවත්වන්න සිදු වුණා. දැන් නැවතත් පුහුණුවීම් කටයුතු ආරම්භ කරල තියෙනව මේ මාසයේ 21” 22” 23 යන දිනවල කොළඹ ලයනල් වෙන්ට් රංග ශාලාවේදී වේදිකාගත කරන්න.

 * රට වටා

 මම කවදාවත් සම්මාන උළෙල ඉලක්ක

 කරගෙන නාට්‍ය කළේ නැහැ. ‘වීරයා මැරිලා. නාට්‍යයේ පටන් හැම නාට්‍යයක්ම දර්ශන වාර සියයක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් වේදිකාගත කරන්න අපිට අවස්ථාව ලැබුණා. නමුත් මේ නාට්‍යයේදී ඒ අවස්ථාව තරමක් සීමිත වෙන්න පුළුවන්. මොකද පිට පළාත්වල පවතින තත්ත්වය තවමත් යථා

 තත්ත්වයට පත්වෙලා නැහැ. ඒකට තවත් මාස කිහිපයක් ගතවේවි.

 * පේ‍්‍රක්‍ෂකයා

 කොවිඞ් මුල්ම අදියරේදී ලැබුණ යම් ඉඩකඩකදී පැවැත් වුණ පේ‍්‍රක්‍ෂා නාට්‍ය උළෙලට විශාල පේ‍්‍රක්‍ෂක පිරිසක් සහභාගී වුණා. මෙතනදි මිනිසුන් තමන්ගේ ජීවිතවලට කලා රසය අහිමි කරගෙන තිබුණ කාලයෙන් ඉක්මණින්ම මිදෙන්න” ලැබුණ අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගන්න බවක් පෙනුණා. ඒ වගේම මේ නාට්‍යයට දැනටමත් සැලකිය යුතු පේ‍්‍රක්‍ෂක පිරිසක් ප‍්‍රවේශ පත‍්‍ර වෙන්කරගෙන

 තිබෙනවා. ඇතැම් ප‍්‍රවේශ පත‍්‍ර නිමවෙමින් පවතිනවා. මේ තත්ත්වය අපව දිරිගැන්වීමක්.

 * වෙනසක්ෟ

 රංග කලාවේ මූලික ගුණාංග තමයි අපි මේ නාට්‍යයටත් ප‍්‍රයෝජනයට ගන්නෙ. පටිගත කළ සංගීතය යොදාගෙන තියෙනවා. ඒ වගේමආලෝකකරණය” පසුතල නිර්මාණය රංග ශාලාව අනුව නිර්මාණාත්මකව යොදාගන්නවා. ඊට බාහිරව වෙනත් තාක්‍ෂණික ධාරාවන් යොදාගන්න අදහසක් නැහැ. නළුවා මූලික වුණ ක‍්‍රමවේදය තමයි ප‍්‍රධාන වශයෙන් අනුගමනය කරන්නෙ.

 * ගෙවීම්

 රංග කලාව තුළ විශාල ප‍්‍රතිලාභ හිමිවන තත්ත්වයක් ඉතිහාසයේම නැහැ. ඇතැම් විට ශිල්පීන් බලාපොරොත්තු වන ප‍්‍රතිලාභ නොලැබෙන්න පුළුවන්. නමුත් සතුටුදායක මට්ටමක් අපේ කණ්ඩායම තුළ පවත්වාගෙන යන්න හැකියාව ලැබිල තියෙනවා. බොහෝ වෙලාවට විශාල ප‍්‍රතිලාබ හිමිවන අවස්ථා අතහැරල මේ වෙනුවෙන් කැපවෙන ශිල්පීන් ඉන්නවා. ඒ කැපවීම නිසා තමයි රංග කලාව මේ තරමින් හරි පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නෙ.

 * නිෂ්පාදනය

 බොහෝ දුරට මම අධ්‍යක්‍ෂණය කරන නාට්‍යවල නිෂ්පාදන කටයුතු කරන්නෙත් මම විසින්මයි. අභියෝගය භාරගන්න වෙන්නෙ මටම නිසා නිෂ්පාදකවරයාට වගකියන තත්ත්වයෙන් මම නිදහස්. මගේ නිර්මාණ බොහොමයකට වගේම ‘2019 ජූලි මාසයේ දවසක්. නාට්‍යයටත් සුනේත‍්‍රා බණ්ඩාරනායක පදනම නිෂ්පාදන දායකත්වය ලබාදුන්නා. ඇතැම්

 අවස්ථාවලදී නිෂ්පාදන පිරිවැය වත් පියවාගන්න බැරි වුණ තැන් තියෙනවා. ඒ වගේම ගැටලූවක් මතු නොවුණ අවස්ථාත්

 තියෙනවා. නාට්‍යයක් වේදිකාගත කරද්දි මේ හැමදේකටම මුහුණ දෙන්න අපිට සිදුවෙනවා.

 * නවක ප‍්‍රවීණ සම්බන්ධය

 තමන්ගේ පළමු වන වේදිකා නාට්‍යයට සම්බන්ධ වන නවකයන් පවා අපේ නාට්‍යවලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කිසිම අවස්ථාවක නවක ප‍්‍රවීණ ගැටුමක් අපිට දකින්න ලැබිල නැහැ. යම් යම් තැන්වලදි මේ තත්ත්වයේ වෙනසක් වෙනව ඇති. ඒක පාපේක්‍ෂයි.

 * අනාගතය

 අපි මේ ගතකරමින් ඉන්න අවධිය බොහෝ කලක් පවත්වාගෙන

 ආපු දේවල් බරපතළ විදිහට වෙනස් වන කාලයක්. ඒක ලෝක මට්ටමින්ම සිදුවන දෙයක්. ඒ අනුව 50 90 දශකවල තිබුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙන්න බැහැ. කොහොම වුණත් වේදිකාව රසවිඳින” ඒකට කැමති පිරිස ඉන්නතාක් රංග කලාවේ මූලික ගුණාංග නොනැසී ඉදිරියටත් පවත්වාගෙන යන්න අපිට පුළුවන් වේවි.

 * නිර්මාණ

 මේ වන විට මගේ අතින් ‘සිහින හොරු අරන්” ආපසු හැරෙන්න බෑ” වීරයා මැරිලා” ආදර වස්තුව” බකමූණා වීදි බසී” නැතුවම බැරි මිනිහෙක්” හිතල ගත්තු තීරණයක්. වගේ නාට්‍ය වේදිකාවට බිහිවෙලා තියෙනවා.



 මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment