බාධා නැතිව තෙල් ගන්න ක්‍රමවේදයක් කඩිනමින් සකසන්න – මානව හිමිකම් කොමිසමෙන් උපදෙස්

214

බාධාවකින් තොරව ඛනිජ තෙල් ලබා ගැනීමට හැකි වන ක්‍රමවේදයක් ඉතාමත් කඩිනමින් සහ හදිසි අවශ්‍යතාවක් සේ සලකා සකස් කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව බලශක්ති අමාත්‍යාංශයට, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ මහජන උපයෝගී කොමිෂන් සභාව වෙත දැනුම්දී ඇත.

ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය මෙසේද පවසයි.

ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින ඛනිජ තෙල් හිඟය පිළිබඳව සහ ඒ මගින් ජන ජීවිතයට සිදුව ඇති අපහසුතාවන් වළක්වා ගැනීම සඳහා ආයතන මට්ටමින් ගෙන ඇති පියවරයන් විමසා බැලීම සඳහා 2022 මැයි මස 27 වන දින බලශක්ති අමාත්‍යාංශය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ප්‍රධානීන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවන ලදි. ඒ අනුව බලශක්ති අමාත්‍යාංශය නියෝජනය කරමින් අතිරේක ලේකම් චමින්ද හෙට්ටිආරච්චි මහතා, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටියහ.

රටේ වත්මන් ඛනිජ තෙල් හිඟය සහ මහජනතාවට සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑමට බාධාවක් වී ඇති ඛනිජ තෙල් ලබා ගැනීමට දිගු වේලාවක් සහ දිගු පෝලීම්වල රැඳී සිටීමට සිදුව ඇති තත්ත්වය තුළ ජනතාවට සිදුවන අපහසුතාව කඩිනමින් සමනය කිරීමට උක්ත ආයතන මට්ටමින් ගෙන ඇති පියවරයන් පිළිබඳව එහිදී පැහැදිලි කරන ලදි. තවද බාධාවකින් තොරව ඛනිජ තෙල් ලබා ගැනීමට හැකිවන ක්‍රමවේදයක් ඉතාමත් කඩිනමින් සහ හදිසි අවශ්‍යතාවයක් සේ සලකා සකස් කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව එහිදී මෙම ආයතනයන් වෙත දන්වන ලදි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment