බාප්පා විහිළුවට තැබූ වායු රයිෆල් වෙඩි පහරින් පස්හැවිරිදි සිඟිත්තා මරුට

854

17 හැවිරිදි බාප්පා සමග 5 හැවිරිදි කුඩා දරුවකු නිවසේ සෙල්ලම් කරමින් සිටියදී වඳුරන් පළවා හැරීමට නිවසේ තිබූ වායු රයිෆලයකින් බාප්පා විසින් විහිළුවට දරුවාගේ හිසට තබන ලද වෙඩි පහරින් බරපතළ තුවාල ලබා සිටි දරුවා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

මෙම කණගාටුදායක ඉරණමට ගොදුරු වී ඇත්තේ කතරගම දෙටගමුව 3 වැනි පියවර අංක 134 හි පදිංචිව සිටි ලියනගේ නිලන්ත බුද්ධික නමැති පස් හැවිරිදි දරුවෙකි.

නිලන්ත බුද්ධික දරුවාගේ පියා වන ලියනගේ නිලේජ් තේජස් නමැති අයගේ සොහොයුරකු වන 17 හැවිරිදි

ලියනගේ කලිඳු නෙත්මල් නමැති අය කුඩා දරුවා සමග සෙල්ලම් කරමින් සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවී තිබෙන බවට පොලිසිය අනාවරණය කරගෙන තිබේ. තුවාල ලැබූ දරුවා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර මූලික ප්‍රතිකාර කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට මාරු කර යවා තිබේ.

එහිදී ප්‍රතිකාර ලබමින් සිටි දරුවා ඊයේ (17 දා) මියගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන කතරගම පොලිසිය දරුවාගේ බාප්පා වන ලියනගේ කලිඳු නෙත්මල් නමැති අය අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු තිස්සමහාරාම මහෙස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.

හම්බන්තොට – නන්ද වික්‍රමගේ, දෙබරවැව – ඒ. ඒ. පේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment