බාර් ලයිසන් දීම නවත්වන්න – මල්වතු – අස්ගිරි මහ නාහිමිවරු ජනපතිට ලියති

90

සුරාසල් විවෘත කිරීමට අලුතින් බලපත්‍ර ලබාදීමෙන් සිදුවන සමාජ පරිහානිය සැලකිල්ලට ගෙන සමාජ කැළඹීමක් ඇතිවීමට පෙර එම ක්‍රියාවලිය නවතා දමන ලෙස මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම ජනපතිවරයා වෙත ඊයේ (19 දා) ලිපියක් යොමුකර තිබේ.

මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හා අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ අත්සනින් ජනපතිවරයා වෙත යොමු කළ ලිපියේ මෙසේද සඳහන් වෙයි.

වර්තමානයේ රටක් ලෙස අප මුහුණ දී ඇති බරපතල සමාජ ව්‍යසනයක් වනුයේ මත්ද්‍රව්‍ය සහ මත්පැන් පානයට ජනයා ඇබ්බැහිවීමයි.

එවන් පසුබිමක පටු ආත්මාර්ථකාමී ආර්ථික වාසි මෙන්ම දේශපාලන අවශ්‍යතා පූර්ණය කර ගැනීමේ ජුගුප්සාජනක පරමාර්ථ පෙරදැරි කොට සුරාසල් බලපත්‍ර ලබාදීමට රජය කටයුතු කිරීම මහා සංඝරත්නය ලෙස අපි කිසිසේත් අනුමත නොකරන බව බරපතළ ලෙස අවධාරණය කර සිටිමු.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment