බාර් වැසීමෙන් රජයට කෝටි 2000 ක් අහිමි වුණා – සුරාබදු සැරයන් හා නියාමක සංගමයේ සභාපති

314

මත්පැන්හල් විවෘත කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල වැරදි මත පළවීම නිසා ඒවා අසල ජනතාව එක්වුණු බවත් මේ වනවිට එය සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවත් සමස්ත ලංකා සුරාබදු සැරයන් හා නියාමක සංගමයේ සභාපති ඩබ්ලිව්. එල්. ඞී. විජේසේකර මහතා පවසයි.

මේ වනවිට මත්පැන් ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත්ව තිබෙන බවත් ඒ නිසා රට වසා තබන විට ජනතාවට මත්පැන් නීත්‍යානුකූලව මිලදී ගන්නට හැකි තත්ත්වයක් ඇති කළ යුතු බවත් හෙතෙම පැවසීය. නීත්‍යානුකූල මත්පැන් තහනම් කිරීම හේතුවෙන් නීති විරෝධී මත්පැන් භාවිතය වැඩි වී ඇති බවත් ඒවා නිපදවීමට විෂ සහිත දේවල් එකතු කරන බවත් ඔහු කීය.

ඉකුත් ඇඳිරිනීතිය සමයේ සුරාබදු දෙපාර්තමේන්තුව නීති විරෝධී මත්පැන් වැටලීම් 8000 ක් සිදුකිරීමෙන් මේ බව පැහැදිළි වන බවද ඒ මහතා කීය. නිරෝධායන ඇඳිරිනීතිය පැනවූ කාලය තුළ මත්පැන්හල් වසා දැමීමෙන් රුපියල් කෝටි දෙදහක ආදායමක් දෙපාර්තමේන්තුවට අහිමි වී ඇති බවද ඔහු පැවසීය.

රජයට තෙවැනියට වැඩිම ආදායමක් උපයා දෙන සුරාබදු දෙපාර්තමේන්තුවට ලැබෙන ආදායම අහිමිවීම නිසා රටේ ආර්ථිකයටද බලපෑමක් එල්ල විය. නීති පනවනවා නම් ඔන්ලයින් ක‍්‍රමවේදයට හෝ මත්පැන් ලබාදිය හැකි ක‍්‍රමයක් සකස් කරන ලෙසද ඒ මහතා රජයෙන් ඉල්ලා සිටී.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment