බාලකාලයේ අප‍්‍රසන්න සිදුවීම් නිසා මානසික රෝගියෙකු වූ ලීසා මොන්ටිගෝමර්

505

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් වසර 68කට පසුව කාන්තාවක් වෙනුවෙන් මරණ දණ්ඩනය පමුණුවා තිබේ. ඒ ලීසා මොන්ටිගෝමර් නමැති කාන්තාවක් වෙනුවෙන්ය. ඇමෙරිකා එක්සත් ජනපදයේ කාන්තාවකට එරෙහිව මරණීය දණ්ඩනය මීට පෙරාතුව කි‍්‍රයාත්මක වී තිබෙන්නේ 1953 වසරේදීය. ඒ බොනී හෙඞී (Bonnie Heady) නම් කාන්තාවක් වෙනුවෙන්ය.

ඇයට එරෙහි මරණීය දණ්ඩන නියෝගය 2007 වසරේදී ප‍්‍රකාශයට පත්කරන ලද අතර ඇමෙරිකානු ෆෙඩරල් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන නියෝගයක් අනුව එය තාවකාලිකව අත්හිටුවන ලදී. දෙසැම්බර් 20 වැනි දින කි‍්‍රයාත්මක වීමට තිබුණ මෙම නියෝගය කොවිඞ් 19 වසංගත තත්ත්වය නිසා කල් තබන ලදුව පසුගිය 2021 ජනවාරි 12 වැනි දින ඉන්දියානා ප‍්‍රාන්තයේ ටෙරේ හෝට් බන්ධනාගාරයේ දී විෂ එන්නතක් ශරීරගත කිරීමෙන් ලීසා මරණයට පත් කරන ලදී.

ඇයට එරෙහි චෝදනාව කුමක්ද..?

ලීසාට එරෙහිව ඇති චෝදනාව වන්නේ 2004 වසරේදී ඇය බොබී ජෝ ස්ටිනෙට් නම් ගර්භණී තරුණියකගේ උදරය කපා ඇගේ කුසෙහි වූ මාස අටක බිළිඳු දැරිය පැහැරගෙන යෑමය. එම අනපේක්ෂිත ප‍්‍රහාරය නිසා අධික ලෙස රුධිරය වහනය වුණ බොබී මරණයට පත් වූවාය.

ලීසා සහ බොබී අන්තර්ජාලය ඔස්සේ එකිනෙකා හඳුනාගත් අතර ලීසා ඒ වනවිට ගැබිනියක්ව සිටි බොබීට කියා ඇත්තේ ඇයත් ගර්භණීත්වයට පත්ව සිටින බවයි. සති කිහිපයක් පුරා සමාජ ජාලා ඔස්සේ ඔවුනොවුන්ගේ ගැබිනි බව ගැන තොරතුරු හුවමාරු කරගත් ඔවුන් නොදැනීම මිතුරියන් බවට පත් විය.

2004 වසරේදී එක් දිනක් ලීසා කිලෝමීටර් 281.5ක දුරින් පිහිටි බොබීගේ නිවස සොයාගෙන ගියේ සුරතල් බලූ පැටවුන් සොයා ගැනීමේ අවශ්‍යතාවය ගැන සඳහන් කරමින්ය. මේ වන විටත් ලීසා සහ බොබී මුණ ගැසී නොතිබුන අතර බොබී දොර විවෘත කරත්ම ලීසා ඇගේ ගෙල සිරකොට ඇගේ හුස්ම හිරකොට උදරය කපා බිළිඳිය ගෙන පලා ගියාය.

ඇය ඌන මානසික සංවර්ධන කාන්තාවක්..

ලීසා මොන්ටිගෝමර්ගේ බාල කාලය කිසිදු ලෙසකින් වාසනාවන්ත වූයේ නැත. ඇගේ පියා සඳහන් කළේ ලීසා ගැබ්ගෙන සිටි කාලයේ දී ඇගේ මව ජූඩි(Judy Shaughnessy) අධික ලෙස මත්පැන් පානය කළ නිසා මේ දැරිය උපත ලබන විටත් Foetal Alcohol Syndromefrda තත්ත්වයේ ගොදුරක් වූ බවයි. මෙම නඩු විභාගයේදී ඇගේ නීතිඥවරුන් පවා මේ රෝග තත්ත්වය පිළිගත්හ.

ලීසාගේ මව ඉතා ක‍්‍රෑර තැනැත්තියක් වූ අතර බාලකාලයේදී ලීසාට සහ ඇගේ සහෝදරියට දරුණු ලෙස පහර දුන්නා පමණක් නොව ලීසාගේ කට ගම්ටේප් දමා අලවන ලදී. ඇගේ සහෝදරිය ඩයනා නිරුවතින් හිම මතට තල්ලූ කිරීම වැනි අමානුෂික දඬුවම් ලබා දී තිබේ. ඔවුන්ගේ පියා නිවසින් පිටවගිය විට මවගේ අනියම් සැමියා නිවසට පැමිණෙන අතර ඔවුන් ලීසා සහ තමා දූෂණය කළ බැව් ඩයනා කියා සිටියාය. අම්මා වංචනිකයි. නමුත් මම ඒ වචනය කියන්න කැමති නැහැ. කොහොම වුනත් කවුරුන් හෝ රිදවා සතුටු වෙන මානසික තත්ත්වයකින් අපේ අම්මා (ජූඩි) පසුවුණා යැයි ඩයනා සඳහන් කරයි. අවසානයේදී සමාජසේවා ආයතනයකින් මාව මේ නිවසෙන් වෙන් කළත් අක්කා සුපුරුදු නිවසේ ජීවත් වුණා. මේ නිසා ලීසා නිතරම ඇගේ මවගේ අනියම් පේ‍්‍රමවන්තයන්ගේ ගොදුරක් බවට පත්ව තිබේ. විටෙක ටේලරයක් මත ඉදිකරන ලද මඩුවකදී මේ අනියම් සැමියා පමණක් නොව ඔහුගේ මිතුරන්ද ලීසා දූෂණය කළහ. නිවසට පැමිණෙන විදුලි කාර්මිකයන්ට, ජලනළ නඩත්තු කරන්නන්ට කුලිය ගෙව්වේ ලීසාගේ සිරුර විකිණීමෙන්ය. විටෙක මේ කාමුක පුද්ගලයන් ලීසාගේ සිරුරට මුත‍්‍රා කළ බැව් ඇය විසින්ම ඥාති සහෝදරයෙකු සමග පවසා තිබේ. කිසියම් පිළිසරණක් ගැන අපේක්ෂාවෙන් ඇය මෙසේ කියා සිටියත් තමා සිදු කරනු ලැබුවේ නැවතත් ඇය මෙම අපයෝජකයන්ගේ තැනටම බාරදීම බැව් පවසන ඥාති සහෝදරයා කියා සිටින්නේ අදටත් ඒ ගැන ඔහු පසුතැවෙන බවයි.

බාලකාලයේ අප‍්‍රසන්න සිදුවීම්..

කෙසේ හෝ වේවා නීතිඥවරුන් පවා පෙන්වා දෙන්නේ ලීසා බාලකාලයේදී මුහුණ දුන් අඩන්තේට්ටම්, හිරිහැර සහ ලිංගික අතවර නිසාම ඇය තුළ මෙවැනි විකෘති මානසික තත්ත්වයක් ගොඩ නැගෙන්නට ඇති බවයි.

ලීසා මොන්ටිගෝමර් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණ්ඩායම ඇගේ පවුලේ සාමාජිකයන්, මිතුරන්, සමාජසේවා අංශයේ මහජන නියෝජිතයන් සහ සිදුවීම් අධ්‍යනය කරන්නන් සහ වෛද්‍යවරුන් ඇතුළු බොහෝ කණ්ඩායම් සමග සම්මුඛ සාකච්ඡා 450ක් පමණ පවත්වන ලදී. මෙම සාකච්ජා වලින් පවා පෙනී ගියේ පවුලේ කටයුතු ක‍්‍රමවත්ව නොවීම, අපයෝජනය දිගින් දිගට සිදුවීම, පුරුද්දක් ලෙසින් නොසලකා හැරීම, මත්ද්‍රව්‍ය සහ ප‍්‍රතිකාර නොකළ මානසික රෝග වැනි කරුණු රාශියක් මේ පවුල වටා ගෙතී තිබුණ බවයි. මනෝවිද්‍යාඥයින්ගේ වචනයෙන් කිවහොත් සැබැවින්ම මොවුන් ධූලක ආතතියේ ගොදුරු බවට පත්ව ඇත. මුළු කතාවම ඛේදවාචකයක්. නමුත් ඇය බේරාගැනීමට බොහෝ අයට අවස්ථාව තිබුණා. කිසිවෙකුත් ඒ වෙනුවෙන් උනන්දු වී නැහැ. ලීසා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කෙලී හෙන්රි සඳහන් කළේය.

බිබිසි පුවත් ඇසුරිනි
පුන්‍යා චාන්දනී ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment