බාලක ශූරතාවය වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට බාලිකා ශූරතාවය වලල ඒ. රත්නායක මැදි විදුහලට

145
මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ ඉසුරු කෞෂල්‍ය 2022 ශ්‍රීමත් ජෝන් ටාර්බට් පාසල් මලල ක්‍රීඩා ශූරතාවලියේ විශිෂ්ටතම ක්‍රීඩකයාට හිමි කුසලානය ප්‍රධාන ආරාධිතයා වූ සීබීඑල් ෆුඩ්ස් ඉන්ටර්නැෂනල් සමාගමේ සාමාන්‍යාධිකාරී අලෙවි නිලුපුල් ද සිල්වා මහතා අතින් ලබාගත් අවස්ථාව.

රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාර්බට් ජ්‍යෙෂ්ඨ පාසල් මලල ක්‍රීඩා ශූරතාවලිය

රිට්ස්බරි අනුග්‍රහයෙන් පැවැත්වුණ 90 වැනි ශ්‍රීමත් ජෝන් ටාර්බට් මලල ක්‍රීඩා ශූරතාවලිය දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී සාර්ථකව නිමාවට පත්විය. සැප්තැම්බර් 13 දා සිට දින හතරක් පුරාවට ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන ලද ශූරතාවලියට පාසල් 638 ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 6000 ක් පමණ සහභාගී වී සිටියහ. බාලක අංශයේ ශූරතාව ලකුණු 128 ක් ලබාගත් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට හිමි වූ අතර එහි අනුශූරතාවය ලකුණු 62 ක් ලබාගත් කොළඹ ශාන්ත පීතර විද්‍යාලය හිමිකර ගත්තේය.

බාලිකා අංශයේ ශූරතාවය ලකුණු 161 ක් ලබා ගත් වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය හිමිකර ගත් අතර අනුශූරතාවය ලකුණු 119 ක් ලබාගත් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සතුවිය. 2022 වසරේ ශ්‍රීමත් ජෝන් ටාර්බට් මලල ක්‍රීඩා ශූරතාවලියේ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ ඉසුරු කෞශල්‍ය සහ විශිෂ්ටතම ක්‍රීඩිකාව ලෙස බිබිල නන්නපුරාව මහ විද්‍යාලයේ එච්.එම්.එන්. මදුෂානි කුසලාන දිනා ගත්හ.

මෙවර ශ්‍රීමත් ජෝන් ටාර්බට් ශූරතාවලියේ දී නව වාර්තාවන් 12 ක් බිහි වී ඇතැයි ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය සඳහන් කරයි.

එම ඉසව්වන් මෙසේය.

බාලක අංශය :

තුන් පිම්ම 20 න් පහළ මීටර 15.64 ඒ.කේ. කෝරලගේ යොෂීඩා ජාත්‍යන්තර පාසල

උස පැනීම 16 න් පහළ මීටර 1.96 ටී. මෙන්ඩිස් ලයිසියම් ජාත්‍යන්තර පාසල වත්තල.

මීටර 400 කඩුලු මතින් දිවීම 20 න් පහළ තත්. 52.25 කේ.එම්.සී.දර්ශන අඹගමුව මැදි විදුහල

යගුලිය විසිකිරීම 18 න් පහළ මීටර 17.23 ඩබ්. ජයාවි රනින්දා රාජකීය විදුහල පානදුර

දුර පැනීම 18 න් පහළ 7.20 ආර්. කරීම් ලයිසියම් ජාත්‍යන්තර පාසල පානදුර

මීටර 400 දිවීම 20 න් පහළ තත්. 46.96 ඉසුරු කෞශල්‍ය බාන්ස් අබේවර්ධන ආනන්ද ශාස්ත්‍රාලය මතුගම

රිටි පැනීම 16 න් පහළ මීටර 3.60 එස්. කල්යානන් චාවකච්චේරිය හින්දු විද්‍යාලය

බාලිකා අංශය :

තුන් පිම්ම 20 න් පහළ මීටර 12.79 එච්.ඒ.එන්.එන්. හෙට්ටිආරච්චි සිරිකුරුස විද්‍යාලය ගම්පහ

දුර පැනීම 18 න් පහළ මීටර 6.09 මධුෂානී හේරත් නන්නපුරාව මහ විද්‍යාලය බිබිල

රිටි පැනීම 16 න් පහළ මීටර 3.00 පී. අභිසලිනී චාවකච්චේරිය හින්දු විද්‍යාලය

තුන් පිම්ම 16 න් පහළ මීටර 11.64 ඕෂිනී කොඩිකාර ශාන්ත ලෝරන්ස් කන්‍යාරාමය කොළඹ 08

මීටර් 400 සහාය දීවීම 20 න් පහළ මිනිත්තු 3:57:86 ඒ.රත්නායක මධ්‍ය මහ විද්‍යාලය මැණික්හින්න.

ශූරතාවලියේ කුසලාන හා ජය සංකේත බෙදා දීම සීබීඑල් ෆුඩ්ස් ඉන්ටර්නැෂනල් සමාගමේ සාමාන්‍යාධිකාරී අලෙවි නිලුපුල් ද සිල්වා සහ ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයේ සභාපති ආචාර්ය කුසල ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

ශ්‍රීමත් ජෝන් ටාර්බට් මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා රිට්ස්බරි දායකත්වය දැක්වූ දසවන අවස්ථාව මෙයයි.

advertistmentadvertistment
advertistmentadvertistment