බාලදක්ෂ කඳවුරකට සිසුන් රැගෙන යද්දී බස් රථය වරකපොළදී ඇළකට පෙරළේ

183

මාලඹේ රාහුල බාලිකා විද්‍යාලයේ බාලදක්ෂිකාවන් 26ක් හා දෙමව්පියන් 07 දෙනකු රන්ටැඹේ බාලදක්ෂ කඳවුරකට රැගෙන යමින් සිටියදී (09දා) අලුයම 4.30ට පමණ රියදුරුට බස්රථයේ වේගය පාලනය කරගැනීමට නොහැකිව වරකාපොළ නගරයේ ප්‍රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිට ඇළට පෙරළී ඇත.

මෙම අනතුරින් තුවාල ලැඛූ ළමුන් ඇතුළු දෙමව්පියන් 13 දෙනෙකු වරකාපොළ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වරකාපොළ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.

වරකාපොළ – වසන්ත කුමාර මාපා, විශේෂ – සරත් ආනන්ද ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment