බාලවයස්කාර දරුවන් අපයෝජනය කළ කපුවා ඇතුළු සැකකරුවන් යළිත් රිමාන්ඩ්

306

බාල වයස්කාර සිසුන් අපයෝජනය කිරීම සම්බන්ධ නඩුවේ පළමු වන සැකකරු වන උණවටුන මැටරඹ සතර මහා දේවාලයේ කපුවා ද කපුවාගේ ආවතේවකරුවකු වන දෙවන සැකකරු ද එම අපරාධයන්ට ආධාර අනුබල දෙන ලද තවත් සැකකරුවකුද ඇතුළු සැකකරුවන් තිදෙනාම තවදුරටත් 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ගාල්ල මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජිවණි පතිරණ මහත්මිය ඊයේ (04) නියෝග කළාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ උණවටුන සතර මහා දේවාලයේ කපුවා වන බටගොඩගේ වෙස්ලි කීර්ති කුමාර (44), උණවටුන පදිංචි මැටරඹ කනත්ත ගමගේ ශානක විසල් රංගනාත්(32) හෝමාගම හබරකඩ පදිංචි රන්පටි දේවගේ පසිඳු සාලින්ද යන සැකකරුවෝ තිදෙනා වෙති.

ආරක්ෂක හේතුන් මත මෙදින සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළේ නැත.

පැමිණිල්ල මෙහෙයවන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ළමයින් අට දෙනෙකුගේ වීඩියෝ සාක්කි සටහන් කරගෙන ඇති අතර තවත් ළමයින් කිහිප දෙනෙකුගේ සාක්කි සටහන් කරගැනීමට තිබෙන බවය. මෙහිදි රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීම සඳහා ජංගම දුරකථන ඇතුළු ඩිජිටල් උපාංග අටක්ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළේය.

අහංගම සුගතපාල දීයගහගේ

advertistmentadvertistment
advertistmentadvertistment