බාලවයස්කාර දැරියක ගැබිනියක කර සැගවී සිටි අයකු අල්ලයි

388

වයස අවුරුදු පහළොවක බාලවයස්කාර දැරියක් රවටාගෙන ගොස් ගැබිනියක් කර සැ`ගවී සිටි වයස අවුරුදු විසි එකක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇතයි හාලිඇල පොලිසිය පවසයි.

හාලිඇල පනාකන්නිය ප‍්‍රදේශයේ පදිංචි හාලිඇල ප‍්‍රදේශයේ ජනප‍්‍රිය පාසලක එකොළහ වසරේ ඉගෙනුම ලබන වයස අවුරුදු පහළවක බාලවයස්කාර දැරියක් මෙසේ ගැබිනියක් බවට පත්කර තිබේ.

හාලිඇල ප‍්‍රදේශයේම පදිංචි වයස අවුරුදු විසි එකක තරුණයකු මෙම දැරිය ගැබියක් බවට පත්කළ බවට සැකපිට බදුල්ල ප‍්‍රදේශයේ සැ`ගවී සිටියදී හාලිඇල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම දැරියගේ උදරයේ අමාරුවක් සම්බන්ධයෙන් මෙම දැරිය බදුල්ල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙම දැරියගේ උදරයේ මාස පහක නිවුන් දරුවන් දෙදෙනකු ඇති බවට වෛද්‍යවරයා විසින් පැවසීමෙන් පසු මේ පිළිබ`දව දැරියගේ මව විසින් හාලිඇල පොලිසියට සිදුකරන ලද පැමිණිල්ලක් අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් පෙබරවාරි මස දහහතර වන දින පෙම්වතුන්ගේ දිනයේදී මෙම පුද්ගලයා විසින් මෙම බාල වයස්කාර දැරිය බදුල්ල ප‍්‍රදේශයේ නවාතැන්පළකට රැුගෙන ගොස් අපයෝජනය කර ඇතයි පොලිස් පරීකෂණවලදී අනාවරණය වී ඇතයි හාලිඇල පොලිසිය කියයි.

සිය යෙහෙළියකගේ නිවසකට යන බව පවසමින් මෙම බාල වයස්කාර දැරිය සිය නිවෙසෙන් පිටව ගොස් තිබෙන අතර මෙම තරුණයා විසින් මෙම දැරිය දින තුනක කාලයක් දිවා රාත‍්‍රි දෙකේදීම බදුල්ල නගරයේ නවාතැන්පළක ර`දවා ගෙන අපයෝජනයට ලක් කර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

හාලිඇල පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුව බදුල්ල ප‍්‍රදේශයේ සැ`ගවී සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ මෙම සැකකරු බදුල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

හාලිඇල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් ගුණතිලක මහතාගේ උපදෙස් පරිදි හාලිඇල පොලිසියේ අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දයානන්ද මහතාගේ අධීක්ෂණය යටතේ හාලඇල පොලිසියේ නිලධාරීහු විසින් මේ පිළිබ`දව පරීක්ෂණ සිදු කරති.

කරුණාරත්න පල්ලේගම – බණ්ඩාරවෙල සහ දෙමෝදර – කපිල චන්දන කුරුප්පුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment