බාලවයස්කාර දැරියට අතවර කළ පියා අධිකරණයට බයේ දිවි නසා ගනී

402

දෙමවුපියන්ගේ ආරවුලක් හේතුවෙන් සිය මිත්තණියගේ රැකවරණ මැද කල්ගෙවූ 14 හැවිරිදි බාලවයස්කාර දැරියක් අතවරයට ලක් කළ එම දැරියගේ පියා අධිකරණය හමුවට ඉදිරිපත් වීමට ඇති බිය හේතුවෙන් දිවි නසාගත් පුවතක් නයිවල ප‍්‍රදේශයෙන් වාර්තාවේ.

වසර තුන හතරක කාලයක පටන් සිය පියා විසින් තමාට ලිංගික අතර කරන බව දැරිය විසින් සිය මවට දැනුම් දීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණිලි කර ඇත.

පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ එම ඒකකයේ නිලධාරිනියන් විසින් සැකකාර 46 හැවිරිදි පියා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කර පොලිස් ඇප මත මුදාහැර ඇත. අනතුරුව නිවසට පැමිණි සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් වීමට ඇති බිය හේතුවෙන් නියඟලා අල ආහාරයට ගෙන සිය දිවි හානිකර ගෙන ඇත. ගම්පහ (ජ්‍යෙ.පො.අ.) කේ. කේ. ඉන්දික ද සිල්වා, (සා.පො.අ.1) තුසිත කුමාර හා ගම්පහ මූලස්ථාන (ප‍්‍ර.පො.ප) සමන් ජයසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති (ප‍්‍ර.පො.ප.) ප‍්‍රදීපා නිලන්ති හා (පො.ප.) ප‍්‍රියදර්ශනී සේනානායක යන නිලධාරිනියන් විසින් සැකකරු අත්අඩංගුවට ගන්නා ලදී.

යක්කල ආර්. සමන්ත අධිකාරි

advertistmentadvertistment
advertistmentadvertistment