බාලවයස්කාර දැරිය අඹුකමට ගත් පියාට වසර 60ක සිර දඩුවම්

686


මවත් නැති සිය බාලවයස්කාර දැරිය අඹුකමට ගත් පියාට වසර 60ක සිර දඩුවමක් සහ රුපියල් 75,000ක් දඩ හා රුපියල් ලක්ෂ 10ක වන්දියක්ද ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණය අද සවස නියෝග කළේය.
වසර 06කට පෙර සිය බාල වයස්කාර දැරිය බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ මෙම පියාට එරෙහිව අධි චෝදනා 03ක් යටතේ හම්බන්තොට මහාධිකරණය හමුවේ පැවති නඩු විභාගයකදී අදාල චෝදනා සදහා වැරදි කරු වු චුදිතට මෙම දඩුවම් නියම කළේය.එහිදී වසර 60ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක්,රුපියල් 75,000ක දඩ මුදලක් හා අගතියට පත් චුදිතගේ බාලවයස්කාර දියණියට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල මහතා නියෝග කළේය.
මෙලෙස සිර දඩුවම්ලවන්දි හා දඩ නියම වුයේ කතරගම ගෝතමීගම පදිංචි පානදුර ලෝකුරුගේ විරාජ් හේමන්ත නැමති 42 හැවිරිදි දෙදරු පියකුටය.

advertistmentadvertistment
advertistmentadvertistment