බාලවයස්කාර පාසල් දැරියක් දූෂණයට ලක්කළ පාසල් සිසුවකු අත්අඩංගුවට

933

වයස අවුරුදු 15 ක බාල වයස්කාර පාසල් දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කර ස්ත්‍රී දූෂණයකට ලක් කළ බව කියන බාල වයස්කාර 17 හැවිරිදි පාසල් සිසුවකු පෙරේදා (3දා) අත්අඩංගුවට ගත් බව ඉපලෝගම පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, කැකිරාව ඔලොම්බෑව ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවකු බව පොලීසිය කියයි.

පාසල් යන බව පවසා නිල ඇඳුමෙන් සැරසී නිවසින් පිටව ගිය තම දැරිය නැවත නිවසට නොපැමිණි බව පවසමින් වින්දිත දැරියගේ පියා විසින් ඉපලෝගම පොලීසියට සිදු කළ පැමිණිල්ලකට අනුව විමර්ශන මෙහෙයවා සැකකාර සිසුවා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

විමර්ශන සිදු කරමින් සිටියදී පොලීසියට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමකට අනුව සිදු කළ විමර්ශනයකදී ගලපිටගල, මැද පාර, අක්කර සීය ප්‍රදේශයේ නිවසක සිටියදී මෙම සිසුවා සහ සිසුවිය තම භාරයට ගත් බව පොලීසිය කියයි.

වසරක කාලයක් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය බවත් ඒ අතර වාරයේදී තමන් පෙම්වතා සමග අඹු සැමියන් ලෙස සිටි බවත් දැරිය සිදු කළ ප්‍රකාශවල සටහන් බව පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාර බාලවයස්කාර පාසල් සිසුවා ඊයේ (4 දා) අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් ඉපලෝගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment