බාලවයස්කාර පාසල් දැරිය දූෂණය කළ 17 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට

576

තම හොඳම මිතුරියගේ අයුතු සම්බන්ධය පිළිබඳව දැරියක් එම මිතුරියගේ මවට පැවසීමෙන් අනතුරුවල එම මව විසින් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු සිදු කළ විමර්ශනයක දී වයස අවුරුදු 15ක එම බාලවයස්කාර පාසල් දැරිය ස්ත්‍රී දූෂණයට ලක් කළ බව කියන 17 හැවිරිදි තරුණයකු පෙරේදා (6 දා) අත්අඩංගුවට ගත් බව තඹුත්තේගම මූලස්ථාන පොලිසිය පවසය.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි පාසල් ගමන නිමා කර ඇති දහහත් හැවිරිදි තරුණයෙකි.

තඹුත්තේගම පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මෙම දැරිය තම මව සහ පියා වෙළෙඳාම් කටයුතු සඳහා නිවසින් පිටත්ව ගිය අවස්ථාවල දී පෙම්වතා බව කියන මෙම සැකකරු තම නිවසට ගෙන්වා ගත් අවස්ථාවේ දී මෙම අපරාධය සිදුව ඇතැයි පොලිසිය කියයි.

පසුව එම දැරිය සිදු වූ සියල්ල මිතුරියට පවසා ඇති අතර තම යෙහෙළිය මෙම වැරදි මාර්ගයෙන් මුදා ගැනීම සඳහා ඇය ඒ බැව් මිතුරියගේ මවට පවසා ඇති බව පොලිසිය කියයි.

දැරියගේ මව විසින් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කිරීමට පෙර දැරිය ගෙන් ඒ පිළිබඳ විමසීමේ දී මව සමග ඇතිකරගත් ආරවුලක් හේතුවෙන් දැරිය සියදිවි හානිකර ගැනීමට උත්සාහ කර දැනට රෝහල් ගතව නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද පොලිසිය සඳහන් කළේ ය.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (7දා) තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

පුවත්පත්වල නිතර පළවන මෙවැනි ප්‍රවෘත්ති සම්බන්ධයෙන් දෙමවුපියන් සහ දරුවන් දැඩි අවධානයක් යොමුකර සිහි බුද්ධියෙන් කටයුතු කරන්නේ නම් ඉදිරියේ දී මෙවැනි පැමිණිලි වාර්තා නොවනු ඇතැයි ද උසස් පොලිස් නිලධාරියකු මෙහිදී පැවසීය.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment