බාල්දියකින් දියනාමින් සිටි දෙදරු පියා අකුණු සරින් ජීවිතක්ෂයට – බිරිඳත් තුවාල ලබයි

138

යකඩ බාල්දියකින් දියනාමින් සිටි දෙදරු පියකු පෙරේදා (25 දා) සවස අකුණු සර වැදී මරුවට පුවත්වී ඇතැයි දෙල්වල පොලිසිය පවසයි.

මේ අනතුරින් මියගිය අයගේ බිරිඳද තුවාල ලබා රත්නපුර මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

වැස්ස සහ අකුණු පවතින අතරතුර මෙම පුද්ගලයා යකඩ බාල්දියකින් දියනාමින් සිටියදී අකුණු සර වැදී ඇති අතර පසුව ඔහු කලවාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මෙලෙස අවාසනාවන්ත අන්දමින් මියගොස් ඇත්තේ රත්නපුර, දෙල්වල, පෑබොටුව, 16 කණුව පදිංචිව සිටි බී.ටී. ධම්මික (42) නමැති අයෙකි.

මේ පිළිබඳව දෙල්වල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment