බාල ඔක්සි මීටර් 5200 ක් අත්අඩංගුවට

192

බාල ඔක්සි මීටර් 5200 ක් අත්අඩංගුවට
වෙළෙඳ පොළේ අළෙවිය සඳහා තිබූ ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ ප‍්‍රමිතියෙන් තොර ඔක්සි මීටර 5200 ක් පසුගිය දෙමසක කාලය තුළ අත්අඩංගුවට ගෙන අධිකරණ කටයුතු සඳහා යොමුකර ඇතැයි බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

වලාන ¥ෂණ මර්දන අංශය මගින් ලබාදුන් තොරතුරකට අනුව ප‍්‍රමිතියෙන් තොර ඔක්සි මීටර මෙරටට ගෙන්වා බෙදාහරින ව්‍යාපාරිකයින් තිදෙනෙකු පසුගිය ජූලි මස 12 දින පිටකොටුවේදී ඔක්සි මීටර 3500 ක් සමඟ අත්අඩංගුවට ගත් බවත් ඉන් අනතුරුව අඛණ්ඩව සිදුකළ වැටලීම් මගින් ඖෂධ අළෙවි සැල් වල විකිණීමට තිබූ තවත් ඔක්සි මීටර 1700 ක් අත්අඩංගුවට ගත් බවත් ඖෂධ නියාමන අධිකාරියේ ප‍්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක සහ නීති ක‍්‍රියාත්මක කිරීමේ අංශයේ අංශ ප‍්‍රධානි අමිත් පෙරේරා මහතා පැවසීය.

මහරගම,නුගේගොඩ,බත්තරමුල්ල,මාලඹේ සහ කඩුවෙල යන ප‍්‍රදේශවල පිහිටි ඖෂධ අළෙවි සැල් 12 ක් පසුගිය සති අන්තයේ පරීක්ෂාවට ලක්කළ බවත් ඉන් හතරක තිබී ප‍්‍රමිතියෙන් තොර ඔක්සිමීටර සොයාගත් බවත් කී අමිත් පෙරේරා මහතා ඒවා රුපියල් 3000.00-3500.00 අතර මුදලකට අළෙවිකර තිබෙන බවද පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment