බාල බොරතෙල් නිසා ඩොලර් කෝටි 9 ක පාඩුවක්

171

සපුගස්කන්ද පිරිපහදුවට සරිලන වර්ගයේ බොරතෙල් නොගෙන කොරල් එනර්ජි සමාගමෙන් ලබාගත් ප්‍රමිතියේ තොර බොරතෙල් ගනුදෙනුව නිසා මාස හයකදී රටට සිදුව තිබෙන සමස්ත පාඩුව ඇමරිකානු ඩොලර් මිලියන 90 ක් (ඩොලර් කෝටි 09 ක් ඉක්මවා ඇතැයි තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.

මෙම බොරතෙල් වර්ගය (ඌරල් සහ එක්ස්පෝ) පිරිපහදු කිරීමේදී වැඩි වශයෙන් දැවිතෙල් නිෂ්පාදනය වී ඇති අතර භූමිතෙල් නිෂ්පාදනයද විශාල ලෙස අඩුවී ඇත.

මෙරටට බොරතෙල් හෝ පිරිපහදු කළ ඉන්ධන වර්ග ඇණවුම් කර ඒවා ගොඩබෑමට පෙර ලබාගන්නා සාම්පල් පරීක්‍ෂණයට ලක් කරන මුත් අදාළ කටයුතු භාර තාක්‍ෂණික ඇගයීම් කමිටුව නිසි ලෙස එම කටයුතු සිදුනොකිරීම නිසා ප්‍රමිතියෙන් තොර බොරතෙල් මෙරටට පැමිණි බවද එම නිලධාරියා කීය. ඒ අනුව ඉකුත් මාස හයේදී මෙම බොරතෙල් මිලදී ගෙන ප්‍රමාද ගාස්තු

ගෙවමින් නිසි පරිදි නිමි නිෂ්පාදන නොලද නිසා ඉහත පාඩුව සිදුවී ඇතැයි ද හෙතෙම පැවසීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment