බාල වයස්කාර  දියණිය අඹුකමට ගත්  නරුම පියා අත්අඩංගුවට

230

දැරිය අකමැති වන විට බඳ පටියකින් පහර දෙනවාලු

දැනට වයස අවුරුදු දාහතරක් වන බාල වයස්කාර තම දියණිය, වයස අවුරුදු එකොලහේ සිට මේ දක්වා බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ පියෙකු පෙරේදා (29දා) අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට ගල්කිරියාගම, දික්වැන්නා ගම ප්‍රදේශයට පදිංචියට පැමිණ සිටි 44 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි. වින්දිත දැරියගේ මව ඔවුන් අතහැර යාම හේතුවෙන් පියා සහ නැගණිය සමඟ ජීවත් වන අතරතුර දැනට වසර හතරකට ආසන්න කාලයක සිට තමන්ට පියාගෙන් ලිංගික අපයෝජනයන් සිදු වන බව දැරිය සිදු කළ ප්‍රකාශ වල සටහන්ව ඇතැයි පොලීසිය කියයි.

එම අවස්ථාවන්වලදී තමන්, ඊට අකමැත්ත ප්‍රකාශ කරන විට පියා විසින් බඳ පටිය රැගෙන පහර දෙන බව ද දැරිය ප්‍රකාශ කර ඇතැයි පොලීසිය කියයි.

වින්දිත දැරියගේ මව ඔවුන් හැර යෑමෙන් අනතුරුව සැකකාර පියා වෙනත් විවාහයන් දෙකක් සිදු කර ගෙන ඇති අතර, සැකකරුගෙන් සිදු වන හිංසනයන් හේතුවෙන් එම කාන්තාවන්ද ආපසු තම නිවස කරා ගොස් ඇති බව අනාවරණය වූ බවද පොලීසිය සඳහන් කළේය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු අතර, දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතව තිබුණි.

ගල්කිරියාගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මල් රත්නායක මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීහු පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment