බාල වයස් දැරියට හදි කළ කුලී රථ රියැදුරා වසර 10ක් හිරේ

483

මෙයට වසර 14කට පමණ පෙර තම නිවස අසල කුලී නිවසක ජීවත්වූ, එවකට අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි බාලවයස්කාර දැරියක දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු කළ 45 හැවිරිදි කුලී රථ රියැදුරකුට, කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා, ඊයේ (11දා) බරපතළ වැඩ සහිත වසර 10ක සිරදඬුවම් නියම කළේය.

එම විත්තිකරුට රුපියල් දසදහසක දඩයක් ද නියම කළ විනිසුරුවරයා එම දඩය නොගෙවන්නේ නම් තවත් මාස හයක සිරදඬුවමක් ද නියම කළේය. එයට අමතරව වින්දිත තරුණියට රුපියල් 50,000ක වන්දියක් ගෙවන ලෙසට ද නියම කළ විනිසුරුවරයා එම වන්දිය නොගෙවන්නේ නම් එය දඩයක් ලෙස අයකර ගැනීමටත් එම දඩය ද නොගෙවන්නේ නම් බරපතළ වැඩසහිත තවත් වසර දෙකක සිරදඬුවමක් ලබාදීමටත් නියෝග කළේය.

අධිකරණය විසින් විත්තිකරු එම චෝදනාවට වරදකරු කර ඇති බැවින් එවැනි වැරදි සිදුකිරීමට අපේක්‍ෂා කරන පිරිසට ද පාඩමක් වන පරිදි උපරිම දඬුවම් නියම කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවූ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ අරින්ද ජයසිංහ මහතා විනිසුරුගෙන් ඉල්ලා සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment