බැංකුවල වාර්ෂික බලපත‍්‍ර ගාස්තු ඉහළට – මහ බැංකුවෙන් තීරණයක්

191

සියලූම බැංකුවල වාර්ෂික බලපත‍්‍ර ගාස්තු ඉහළ නැංවීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

මේ අනුව සියලූම බලපත‍්‍රලාභී වාණිජ බැංකු සහ බලපත‍්‍රලාභී විශේෂිත බැංකු විසින් ගෙවිය යුතු නව වාර්ෂික බලපත‍්‍ර ගාස්තු ගැන මහ බැංකුව විසින් එම බැංකු වෙත දැනුම් දී තිබේ.

මෙවර ගාස්තු අය කෙරෙන ව්‍යුහයේද සංශෝධනයක් සිදුකර ඇති අතර ඒ අනුව මෙතෙක් ඉහළම කාණ්ඩය ලෙස සැලකූ රු. බිලියන 1000 ඉක්මවූ වත්කම් පදනම මෙවර රු. බිලියන 2000 ඉක්මවූ වත්කම් පදනම ලෙස සංශෝධනය කර තිබේ. බැංකුවල වත්කම් පදනම අනුව ගාස්තු අය කෙරෙන කාණ්ඩය තීරණය කෙරේ.

මේ අනුව මුලූ වත්කම් රු. බිලියන 2000 ඉක්ම වන බැංකුවල වාර්ෂික බලපත‍්‍ර ගාස්තුව රු. මිලියන 38 ක් දක්වා වැඩිවී තිබේ. එසේම වත්කම් පදනම රු. බිලියන 1000 ත් 2000 ත් අතර වන බැංකුවල වාර්ෂික බලපත‍්‍ර ගාස්තු රු. මිලියන 35 කි.

කෝවිඞ් වංසගත තත්ත්වය හේතුවෙන් ගිය වසරේ (2021) දී බැංකුවල වාර්ෂික බලපත‍්‍ර ගාස්තු සංශෝධනය නොකිරීමට මහ බැංකව තීරණය කර තිබිණි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment