බැංකු ආරක්ෂක නිලධාරියාගේ ගිනිඅවිය අතේ පත්තු වෙයි – විසි හැවිරිදි බැංකු නිලධාරිනියකට බරපතලයි

918

නාරම්මල මහජන බැංකුවේ සේවය නියුතු ආරක්ෂක නිලධාරියාගේ ගිනි අවිය අත් වැරැුදීමකින් ඊයේ (03දා) පෙරවරුවේ පත්තුවීම හේතුවෙන් එම බැංකුවේම සේවය කරන 20 හැවිරිදි බැංකු නිලධාරිනියක් තුවාල ලබා ඇති බව නාරම්මල පොලිසිය පවසයි.

ගිනි අවිය පත්තු වීමෙන් තුවාල ලැබූ කුලියාපිටියෙ නක්කවත්ත ප‍්‍රදේශයේ පදිංචි බැංකු නිලධාරිනිය බරපතල තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇත.

ආරක්ෂක නිලධාරියා නාරම්මල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් නාරම්මල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එස්. චන්ද්‍රසිරි රංජිත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

බෝයවලාන – ජයන්ත කුමාර දිසානායක

advertistmentadvertistment
advertistmentadvertistment