බැංකු ක්‍රමයට විදේශ මුදල් ගලා ඒම වර්ධනය වෙලා – මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

213

බැංකු ක්‍රමයට විදේශ මුදල් ගලා ඒම වර්ධනය වී ඇති නිසා අත්‍යවශ්‍ය ආනයන සඳහා මහ බැංකුව මැදිහත්වී විදේශ සැපයීම අඩුකර ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

දැන් විදේශ විනිමය පැත්තෙන් ලොකු හිඟයක් බැංකු ක්‍රමය තුළ නොමැති බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

ගිය මාසෙ විදේශ විනිමය ප්‍රේෂණ ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් වැඩිපුර ලැබුණ බවද අපනයන ද ඇමෙරිකානු ඩොලර් බිලියනයක් පමණ මසකට ලැබෙන බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

මේ අනුව මහ බැංකුව දැනට අනුගමනය කරන ක්‍රමවේදය තුළ රටේ සියලු කටයුතු කරගන්න පහසුකම් සැලසෙන බවද කීය. යම්කිසි ආකාරයකින් විදේශ විනිමය බැංකු ක්‍රමය තුළ සොයා ගැනීමට නොමැතිනම් එවිට අප මැදිහත් වී අදාළ විදේශ විනිමය ප්‍රමාණය ලබාදීමට මහ බැංකුවට වගකීමක් ඇති බවද සඳහන් කළ මහ බැංකු අධිපතිවරයා එය දිගටම මහ බැංකුව කරගෙන යන බවද කියා සිටියේය.

ඉවට් ප්‍රනාන්දු සහ නෙලුමානි දවුලගල යන මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරු දෙදෙනා ඇතුළු තවත් උසස් නිලධාරීහු මේ මාධ්‍ය හමුවට එක්ව සිටියහ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment