බැංකු ක්‍ෂේත්‍රයට නවමු අත්දැකීම් – ලංකා බැංකුවෙන්

251
ප්‍රියල් සිල්වා නියෝජ්‍ය මහා කළමනාකාර (ශාඛා මෙහෙයුම් හා සංවර්ධන බැංකු කටයුතු-)ලංකා බැංකුව

ජාතියේ මහා පහන් ටැඹ, ලංකා බැංකුව වසර 83 ක් පුරාවට ආර්ථීකමය හා සමාජීය වශයෙන් ඉමහත් සේවාවක් ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් ඉටු කරමින් සිටින අතර ශ්‍රී ලාංකීය බැංකුකරණයේ පුරෝගාමියා ලෙස විවිධාකාරයේ වු නව නිෂ්පාදන හා නව්‍යමය අත්දැකීම් ශ්‍රී ලාංකික ගණුදෙනුකාර ප්‍රජාව අතට පත්කරනුයේ ශ්‍රී ලාංකික බැංකුකරණයේ පෙරගමන්කරු බව දිනෙන් දින මනාව තහවුරු කරමිනි.

ඒ අනුව 83 වැනි සංවත්සරය සමරන 2022 වසර තුල සම්ප්‍රදායික බැංකුකරණයෙන් ඔබ්බට ගොස් ශ්‍රී ලාංකික බැංකු ක්‍ෂේත්‍රයට නවමු අත්දැකීම් එක් කරමින් දේශීය ආර්ථිකයේ පෝෂණය වෙනුවෙන් හා ගණුදෙනුකරුවන්ගේ යහපත වෙනුවෙන් නව පියවර කිහිපයක් ගනු ලැබීය.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික
ක්‍ෂේත්‍රය වෙනුවෙන් SME Circle

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්‍ෂේත්‍රය අපේක්‍ෂිත මට්ටමින් සංවර්ධනය නොවීමට බලපා ඇති හඳුනා ගත් ගැටළු කිහිපයක් සඳහා සාර්ථක විසඳුම් ඉදිරිපත් කිරීමේ අරමුණු ඇතිව ලංකා බැංකුව SME Circle නම් විශේෂිත උපදේශන ඒකකය 2022.01.01 දින ලංකා බැංකු මුලස්ථානයේ පලමු මහලේ දී විවෘත කල අතර මේ වන විට මෙම SME Circle මඟින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්‍ෂේත්‍රය වෙනුවෙන් විශේෂිත කාර්යභාරයක් සිදු කරනු ලැබෙනවා.

විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට උපදේශණ සේවා සැපයීම, ඔවුන් සඳහා විශේෂිත වු පුහුණු සැසි වැඩමුළු සංවිධානය, වෙළඳපල අවස්ථා සපයා දීම, මෙම තුලින් කරන සුවිශේෂ කාර්යන් වේ.

පසුගිය මාස කිහිපය තුල රටතුල පැවති අපහසුකාරි තත්වයන් හමුවේ වුවද මාර්ග ගත ක්‍රමයට හා භෞතිකව සම්බන්ධ වන පුහුණු සැසි පැවැත්වීම විශේෂයෙන් සඳහන් කල යුතු අතර මෙමඟින් ප්‍රතිලාභ ලබාගත් ව්‍යවසායකයන් ගණන ඉතා ඉහලය.

එමෙන්ම බාහිර පාර්ශවයන් සංවිධානය කරනු ලබන වැඩමුළු සඳහා සම්පත් දායකත්වය ලබා දීම මෙන්ම බාහිර පාර්ශවයන්ගේ සම්පත් දායකත්වය සමඟ වැඩමුළු සංවිධානය කිරීමද සිදු කරනු ලැබු අතර ඒවායේ ප්‍රතිඵලද ඉතාමත්ම සතුටුදායක මට්ටමක පැවතුනි. මීට අමතරව SME Circle හරහා ක්‍රියාත්මක වන උපදේශන සේවා පුළුල් කිරීමේ පරමාර්ථය ඇතිව පලාත් මට්ටමින් SME Centres ඇති කිරීමටද කටයුතු කර ඇත.

තවද SME Circle තම කාර්යභාරය තවදුරටත් පුළුල් කරමින් මේ වන විට රටට ඉතාම අත්‍යාවශ්‍ය හා කාලීන වැදගත්කමක් සහිත ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කර තිබීමද අගය කල යුතු කාර්යයකි.

විෂ දුමට තිත තබන
හරිත ණය යෝජනා ක්‍රමය

මෙම ණය යෝජනා ක්‍රමය පාරිසරික, සමාජීය, ව්‍යාපාරික හා පුද්ගල කේන්ද්‍රී ආදී වශයෙන් විවිධ වු පැතිකඩ කිහිපයක් ඔස්සේ ප්‍රතිලාභ ලබා දෙන බැවින් කාලීන හා අත්‍යවශ්‍ය ණය යෝජනා ක්‍රමයක් ලෙස සෘජුවම හඳුන්වන්න පුළුවන්.

පුනර්ජනණීය බලශක්තිය දිරිගැන්වීම හා ඉන්ධන භාවිතය අවම කිරීම හරහා විදේශ විනිමය ඉතිරි කරගැනීමද මෙම ණය යෝජනා ක්‍රමයේ එක් අරමුණක් වන අතර විද්‍යුත් පා පැදි, විද්‍යුත් යතුරු පැදි, සුර්ය බලය පාදක කරගනිමින් විදුලිය නිපදවීම, සූර්ය විදුලි බලය ගබඩා කර තැබීම හා ජීව වායු පද්ධති සකස් කර ගැනීම වැනි ක්‍ෂේත්‍ර කිහිපයක් ඔස්සේ මෙම ණය යෝජනා ක්‍රමය විහිඳුවා ඇත.

විදුලිය අත්හිටුවීම, බිඳ වැටීම වැනි කරුණු නිසා බාධාවන්ට ලක්වන බොහෝ රැකියා ක්‍ෂේත්‍රයන්ට හා ගෘහස්ථ මට්ටමේ පාරිභෝජනයන් සඳහා සුර්ය තාප බලයෙන් විදුලිය නිපදවීමේ ණය යෝජනා ක්‍රමය හරහා විශේෂ පිටිවහලක් වනු ඇතැයි බැංකුව අපේක්‍ෂා කරන අතර විද්‍යුත් පා පැදි හා විද්‍යුත් යතුරු පැදි සඳහා ඉදිරිපත් කර ඇති ණය යෝජනා ක්‍රම මඟින් කෙටි දුර ප්‍රවාහනයන් සඳහා විසඳුමක් ලබා දෙන අතරම ඉහල යන ප්‍රවාහන වියදම් නිසා අපහසුතාවයට පත්ව සිටින අයට සුදුසු අවස්ථාවන් ලබා දීම ද අපේක්‍ෂා කරනු ලබයි.

ඒ වගේම ඉවතලන අපද්‍රව්‍ය භාවිතයට ගැනීම, ගෘහස්ථ භාවිතය සඳහා කාබනික පොහොර ලබා ගැනීම, ජීවන වියදම අඩු කර ගැනීම වැනි අංශයන් කෙරෙහි සෘජු දායකත්වයක්, ජීව වායු උත්පාදන සැකසුම් සඳහා ලබා දෙනු ලබන ණය යෝජනා ක්‍රමය හරහා ලැබෙනු ඇතැයි ලංකා බැංකුව විශ්වාශ කරයි.

එමෙන්ම දැනටමත් ජාතික විදුලි බල පද්ධතියට දායකත්වය සපයන සුර්යබල විදුලි නිෂ්පාදකයින් සඳහා ඔවුන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් විදුලිය යම් ප්‍රමාණයක් ගබඩා කර තබා ගැනීම සඳහා අවශ්‍ය වන ෂබඩැරඑදර සඳහා ණය පහසුකමක්ද මෙම ණය යෝජනාවලිය සඳහා ඇතුලත් කර ඇත.

මෙහිදී විශේෂයෙන්ම සටහන් කල යුතු කරුණ වන්නේ රටේ පවතින තත්වය හා අවශ්‍යතාවය මත මෙවැනි ණය යෝජනා ක්‍රමයක් ඉතාමත් වැදගත් වන බැවින් හා එවැනි ණය යෝජනා ගණුදෙනුකරුවන්ට සිත් ගන්නා මට්ටමකට පැවතිය යුතු බැවින් වෙළඳපල පවතින පොළී අනුපාතයන්ට වඩා අඩු පොලී අනුපාතයන් යටතේ හා වඩාත් නම්‍යශීලී නිර්ණායකයන් යටත් මෙම ණය යෝජනාවලිය ක්‍රියාත්මක වන බව මහජනතාව වෙත දැනුම්දීමයි. මේ අනුව ඉතා සුවිශේෂී වු මෙම ණය යෝජනා ක්‍රමය හරහා ලක්වැසි ජනතාව ප්‍රතිලාභ ලබනු ඇතැයි ලංකා බැංකුව අපේක්‍ෂා කරයි.

ගමට සෙත සලසන BOC ගම්මාන සංකල්පය

එමෙන්ම ශ්‍රී ලංකාව පුරා විහිදී ඇති අඩු පහසුකම් වලින් යුතු තෝරා ගත් ගම්මාන කිහිපයක් නඟාසිටුවීමේ අභියෝගාත්මක වැඩපිළිවෙළක් “BOC ගම්මාන” යන සංකල්පය යටතේ ක්‍රියාත්මක කරනු ලබයි-

BOC ගම්මාන වැඩසටහන යටතේ තෝරා ගනු ලබන ගම්මාන වල මූල්‍ය සාක්ශරතාවය වැඩි දියුණු කිරීම සඳහා වැඩසටහන් පැවැත්වීම සිදුකරන අතර ඒ හරහා කුඩා කණ්ඩායම් ණය යෝජනා BOC මිතුරු කණ්ඩායම් බිහි කිරීම මෙන්ම සංවර්ධන ණය යෝජනා ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලැබේ.

මේ යටතේ ස්වයං රැකියාවන් ආරම්භ කිරීම වැනි ආදායම් උත්පාදන ක්‍රියාකාරකම් සදහා ගම්වැසියන් උනන්දු කරවන අතර ඒ සදහා සහනදායි පොලී මත ණය ලබාදීම මගින් ඔවුන්ගේ ජීවන තත්වය ඔසවා තැබීමට ලංකා බැංකුව කටයුතු කරනු ලැබේ-

මීට අමතරව BOC ගම්මානය තුල ප්‍රතිඵලදායක විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, සුභසාධන වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කිරීම, සුදුසු පරිදි දායකත්වය/ අනුග්‍රහයන් දැක්වීමටද ලංකා බැංකුව කටයුතු කරනු ඇත.

ලංකා බැංකුවේ පාරිභෝගික හා සංවර්ධන බැංකු කටයුතු අංශය මඟින් ඉහත සඳහන් නව සංකල්පයන් 83 වැනි සංවත්සරයට සමගාමීව ජනගත කර ඇති අතර සමස්ථයක් ලෙස ගත් කල ලංකා බැංකුව 83 වන සංවත්සරය සැමරීම සඳහා ජනහිතකාමී පරිසර හිතකාමී මෙන්ම ශ්‍රී ලංකා ආර්ථිකයෙහි තිරසාර සංවර්ධනයක් උදෙසා අතිවිශේෂ වු කාර්යභාරයක් සිදු කරමින් සිටින බවද මේ අවස්ථාවේ සඳහන් කරුණුයේ ඉමහත් සතුටිනි.

අවසාන වශයෙන් ඔබ සියළුම දෙනාට ලංකා බැංකුව සමඟ එක්වී රටේ සංවර්ධනයට දායක වන මෙන් අප ඔබගෙන් ඉල්ලා සිටිමු.

advertistmentadvertistment
advertistmentadvertistment