බැංකු ණය ගෙවන්න බැරි මාසික වැටුප් හිමියන්ට සහනයක්

449


මාසික වැටුප් ගන්නා අයට ණය ගෙවීමේ අපහසුතාවයක් තිබේ නම් අදාළ බැංකු සමග සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදුකළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
යම් ගනුදෙනුකරුවෙකුට ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ කටයුතු සිදුනොවේ නම් මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව ට ඒ පිළිබඳව ඉල්ලීමක් කළ හැකි බවද සඳහන් කරයි.
පසුගිය වසරට සාපේක්ෂව මුදල් අච්චු ගැසීම ද මෙම වසරේදී විශාල වශයෙන් අඩු කර ඇති බව ද මහ බැංකු අධිපතිවරයා පවසයි.
පසුගිය වසර තුළදී රුපියල් බිලියන 341ක් අච්චු ගසා ඇති අතර 2022 වසරේ ජනවාරි – ඔක්තෝබර් කාලයේදී අච්චු ගසා ඇත්තේ රුපියල් බිලියන 47කි.

advertistmentadvertistment
advertistmentadvertistment