බැංකු ණය සහන දෙන්න චක්‍රලේඛයක්

285

පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයින් වෙත ණය සහන ලබාදීමට අදාළ උපදෙස් ලබාදෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම බලපත්‍රලාභී බැංකුවලට චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතාගේ අත්සනින් පෙරේදා (07දා) මේ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

මේ චක්‍රලේඛය මගින් බැංකු ණයවලට සහන ලබාදිය හැකි මාර්ගෝපදේශයන් මහ බැංකුව විසින් බැංකුවලට නිකුත් කර ඇති අතර ණය සහන ඉල්ලුම් කරන්නන්ගේ ඉල්ලීම් පිළිබඳ සලකා බලා අදාළ මාර්ගෝපදේශවලට අනුව සහන සැලසීමට බැංකු විසින් පියවර ගත යුතු වේ. මේ සහන ලබාදෙන ලෙස කරන ඉල්ලීම් මේ මස 31 දිනට ප්‍රථම ලිඛිතව හෝ ඉලෙක්ට්‍රොනික මාර්ගයෙන් බැංකු වෙත ඉදිරිපත් කළ යුතු බවද එම චක්‍රලේඛයේ සඳහන් වේ. ලීසිං පහසුකම් සම්බන්ධයෙන් සහන සැලසීමට අදාළ මාර්ගෝපදේශයන් මහ බැංකුව විසින් බැංකු නොවන මූල්‍යාතනවලට නිකුත් කිරීමට නියමිතව ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment