බැංකු පොලිය අඩුවෙන්නට පටන්ගනී

583

ඉදිරි කාලයේ දී වෙළෙඳ පොළ පොලී අනුපාත තවදුරටත් අඩුවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඉහළ මට්ටමක පවතින වෙළෙඳ පොළ පොලී අනුපාත පහළ යෑම ආරම්භ වී ඇති බවද මහ බැංකුව නිකුත් කළ වාර්තාවක දැක්වේ.

මහ බැංකුව විසින් දියත් කරන ලද පරිපාලනමය ක්‍රියාමාර්ග මෙන්ම දේශීය මුදල් වෙළෙඳ පොළ ද්‍රවශීලතාව වර්ධනය වීම සහ දේශීය වෙළෙඳ පොළෙහි සමස්ත අපේක්‍ෂා වර්ධනය වීම මේ සඳහා හේතු වී ඇති බව ද එම වාර්තාවේ දැක්වේ.

බැංකුවල ද්‍රවශීලතා තත්ත්ව වර්ධනය වීම හේතුවෙන් වෙළෙඳ පොළ තැන්පතු පොලී අනුපාතික ද සැලකිය යුතු ලෙස පහළ යෑමක් පෙන්නුම් කර ඇති අතර මෙම ප්‍රවණතා ඉදිරි කාලයේ දී ඉහළ මට්ටමක පවතින පොලී අනුපාතික පහළ යෑම සඳහා හේතු වනු ඇති බව ද මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවේ තවදුරටත් දැක්වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment