බැංගලෝර්ට 4 වෙනි ජය

110

මෙවර අයිපීඑල් තරගාවලියේ සිය සිව්වැනි ජයග්‍රහණය වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අද සමත් විය.
ඔවුන් හමුවේ පරාජයට පත්වූයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමයි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී ලකුණු 189 ක් ලබාගත් අතර රාජස්ථාන් කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 182 ක් පමණි.
බැංගලෝර් කණ්ඩායම නියෝජනය කළ වනිදු හසරංග සිය පන්දු වාර 4 තුළ දී කඩුල්ලක් දවා ගැනීමට අපොහොසත් වූ අතර ලකුණු 32 ක් ප්‍රතිවාදීන් ඔහුගේ පන්දු හමුවේ ලබාගෙන තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment