බැකෝ යන්ත්‍රයෙන් ගොඩට  පැමිණි වනඅලි දෙදෙනා

115

තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංක 539 වෙල්ලමුදාව ග්‍රාම නිලධාරී වසමේ ඉඟිනියාගම ගමේ පිහිටි අතහැර දැමූ වගා ළිඳට වැටී සිටි වන අලියෙකු හා පැටියකු ගොඩට ගෙන පෙරේදා (25 දා) සවස නාච්චාදූව රක්ෂිතයට මුදාහැරීමට කටයුතු කළ බව තිරප්පනේ වනජීවී කාර්යාලය පැවසීය.

පෙරේදා දින උදෑසන එළුවන් රැගෙන ගිය ගොවි මහතෙකු වගා ළිඳට වන අලියකු හා පැටියා වැටී සිටිනු දැක ඇත. පසුව ඒ පිළිබඳ තිරප්පනේ වනජීවී කාර්යාලය දැනුවත් කර ඇත.

ගම්වාසීන්ගේ සහයෝගය ඇතිව බැකෝ යන්ත්‍ර ආධාරයෙන් පෙරේදා (25 දා) පස්වරුවේ ළිඳට වැටී සිටි වන අලි දෙදෙනා ගොඩට ගැනීමට කටයුතු කෙරිණි. පසුව නාච්චාදූව රක්ෂිතයට පළවා හැරිණ.

තිරප්පනේ – සමන් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment