බැචලේගේ ඉල්ලීමට අලි සබි්‍ර හරස් වෙයි

468

යුද හමුදා නිලධාරීන් 56 දෙනෙකුට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ යාන්ත්‍රණයන් පිහිටුවන ලෙස මානව හිමිකම් කොමසාරිස් මිෂෙලි බැචලේ කළ ඉල්ලීම විදේශ ඇමැති අලි සබි්‍ර මහතා විසින් ඊයේ (7දා) ප්‍රතික්ෂේප කරන ලදී.

සබි්‍ර සහ විජයදාස රාජපක්ෂ ඇතුළු නීතිඥයන් පිරිසක් ඊයේ ජිනීවා බලා පිටත්ව ගියහ.

ඒ වෙනුවට දේශීය යාන්ත්‍රණයන් ස්ථාපිත කරන බවද අලි සබි්‍ර මහතා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දී ඇත.

මේ අතර ශ්‍රී ලංකාවට දඬුවම් කරන ලෙස ඉල්ලමින් යුරෝපා කොටි කණ්ඩායම් 11ක් ඊයේ (7දා) ජිනීවා නුවරට පැමිණ ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment