බැචලේගේ ගෝලයෙක් මෙහෙ එයි

281

ශී‍්‍ර ලංකාවට එල්ල වී ඇති බරපතළ චෝදනා පිළිබඳව විමර්ශනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ විශේෂ විමර්ශකයකු මෙරටට එවීමට ජිනිවා මානව හිමිකම් කොමසාරිස් මිෂෙලි බැචලේ තීරණය කර ඇත.

මෙම විශේෂ නියෝජිතයා ජිනිවා පැමිණ ඉදිරිපත් කරන වාර්තාවෙන් පසු ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් කුමන පියවරක් ගත්නේදැයි නිගමනය කෙරේ.

එහෙත් රජය මෙම විශේෂ නියෝජිතයාට මෙරටට ඒමට අවසර දෙන්නේ ද යන්න මෙතෙක් තීරණය කර නැත. ඒ වෙනුවට ශී‍්‍ර ලංකාවේ තත්ත්වය සියැසිස් බලාගන්නා ලෙස ඉල්ලමින් රජය මිෂෙලි බැචලේට ලබන මාර්තු මසට පෙර මෙරටට පැමිණෙන ලෙස රජය ඇරයුම් කර ඇත.

මේ අතර ශී‍්‍ර ලංකාවට එරෙහිව තමිල්නාඩු පසුපති තායගම් සංවිධානයද පෙත්සම්  රැසක් මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත ඉදිරිපත් කර තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment