බැචලේගේ යාන්ත‍්‍රණය සැප්තැම්බරයේ අහෝසියි

336

වන්නි මෙහෙයුමේ හමුදා ප‍්‍රධානීන් 28 දෙනකුට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැෂලේ මහත්මියගේ සාක්‍ෂි එකතු කිරීමේ යාන්ත‍්‍රණය ලබන සැප්තැම්බර් මස අහෝසි වේ. එසේම 46/1 ජිනීවා යෝජනාව අනුව සම්මත වූ ශී‍්‍ර ලංකාවේ යුද අපරාධ පිළිබඳ වගවීමේ කාර්යාලයේ කටයුතු ද සැප්තැම්බර් මාසයේදී අවසන් වීමට නියමිතය.

මෙම තත්ත්වය හමුවේ කොටි ඩයස්පෝරාව බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් පිරිසක් ලවා ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඇතුළු හමුදා නිලධාරීන් 28 දෙනකුට ජාත්‍යන්තර සම්බාධක පනවන ලෙස බි‍්‍රතාන්‍ය රජයෙන් ඉල්ලා ඇත. කොටි ඩයස්පෝරාවට සම්බන්ධ බි‍්‍රතාන්‍ය මන්තී‍්‍ර විරේන්ද්‍ර ෂර්මාගේ මෙහෙයවීමෙන් යුත් එම මන්තී‍්‍රවරු පිරිස බි‍්‍රතාන්‍ය විදේශ ලේකම්වරයාගෙන් මෙම ඉල්ලීම කර තිබේ. එහෙත් බි‍්‍රතාන්‍ය රජය මෙතෙක් ඊට ප‍්‍රතිචාර දක්වා නැත

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment