බැචලේ  ශ්‍රී ලංකාව හිර කරයි – 51 වැනි ජිනීවා සමුළුව

505

● යුද අපරාධ චෝදනා ඇති හමුදා නිලධාරීන්ට සම්බාධක දාන්න කියයි

● උ/නැ හමුදාව ඉවත් කරන්න කියයි

● කරන්නාගොඩගේ නමත් ඈඳා ගනී

● හමුදාවට දඬුවම් කරන්න ජාත්‍යන්තර අධිකරණයට තොරතුරු යවලා


යුද අපරාධ චෝදනා එල්ලවී ඇති හමුදා නිලධාරීන්ට සම්බාධක පනවන ලෙසත් ජාත්‍යන්තර නීතිය මත ක්‍රියාකරන ලෙසත් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලේ 51 වැනි මානව හිමිකම් සමුළුවට ඊයේ (7දා) සිය වාර්තාව ඉදිරිපත් කරමින් සාමාජික රටවලින් ඉල්ලා ඇත.

එසේම ඇය ශ්‍රී ලංකාවට පැවසුවේ උතුරු – නැඟෙනහිරින් හමුදාව ඉවත් කරන ලෙසත් ආරක්ෂක හමුදාව ප්‍රතිසංස්කරණය කරන ලෙසතයත්ය. ශ්‍රී ලංකාව තීරණාත්මක අවස්ථාවකට පැමිණ ඇති අතර යුද අපරාධ චෝදනා එල්ලවී ඇති හමුදා නිලධාරීන්ට මුක්තිය ලබාදීම අහෝසි කරන ලෙසත් ඇය තවදුරටත් ඉල්ලා ඇත.

ළමුන් 11කගේ අතුරුදන්වීමක් සම්බන්ධව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ නමද ඇය එම වාර්තාවේ දක්වා තිබේ. එසේම ජාත්‍යන්තර සහය මත පාස්කු ප්‍රහාරය විමර්ශනය කරන ලෙස ද ඉල්ලා ඇති මිචෙලි බැචලේ ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන්ට දඬුවම් කිරීම සඳහා තොරතුරු ජාත්‍යන්තර අධිකරණයේ නඩු අධ්‍යක්‍ෂ වෙත යවා ඇතැයිද කියා සිටී.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment