බැජ් පාටියේ සතුට කඳුළින් නිමාවෙයි!

1271

බැජාලා දස දෙනෙක් ආ කැබ් රිය මාරක වංගුවේදී මාර ගසක වැදී ජීවිතයක් අහිමි වෙයි

මාතලේ තොටගමුව මාරක වංගුවේදී මාතලේ දෙසට ධාවනය වූ කැබ් රථයක් මාර ගසක වැදීමෙන් තරුණයෙකු මියගොස් නව දෙනෙකු තුවාල ලබා මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත. බැජ් හමුවකට සහභාගි වී නිවෙස් බලා යමින් සිටියදී අනතුර සිදුව ඇති බව මාතලේ මූලස්ථාන පොලිසිය පැවැසීය.

මාතලේ ශාන්ත තෝමස් ජාතික විද්‍යාලයේ 2022 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර ( උසස් පෙළ) විභාගයට පෙනී සිටි සිසුන් 150ට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් පලාපත්වල කවුඩුපැලැල්ල ප්‍රදේශයේ හෝටලයදී 07දා සවස සාදය පවත්වා ඇත. සාදය 08 දින අළුයම 1.00 පමණ දක්වා පැවැති බව කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පැවැසීය.

අනතුරින් මාතලේ ශාන්ත තෝමස් ජාතික විද්‍යාලයේ අධ්‍යපනය ලැබූ දුෂ්මන්ත සිතුල් විජේසේකර (20) මියගොස් ඇති අතර දේවින්ද රමිෂාන් විජේසිංහ (වාහනය පැදවූ) ඇතුළු නව දෙනෙක් තුවාල ලබා මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත.

බැජ් පාටියේ සතුට කඳුළින් නිමාවෙයි!

ප්‍රිය සාදය අවසන් කර නිවෙස් බලා යමින් සිටියදී අනතුර සිදුව ඇත. දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගයේ අළුවිහාරය තොටගමුව වෙල් යායේදී මාර ගසක වැදීමෙන් 08 අළුයම 1.00 පමණ අනතුර සිදුව ඇති අතර සිසුන් ගමන් ගත් කැබ් රථයට බරපතළ හානි සිදුවී ඇත. කැබ් රථයේ සිසුන් දස දෙනෙකු සිටි බවද පොලිසිය පැවැසීය.

අනතුර පිළිබදව පූර්ණ විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතලේ දිසා මහෙස්ත්‍රාත් ආර්.පී. කේ. එන්. රංකොත්ගේ පොලිසියට නියෝග කළාය. මැයි මස 03 වන දින අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසටද පොලිසියට නියම කර ඇත. අධිකරණ කටයුතු සැරයන් 33156 ලාල් කුලතුංග මහතා විසින් සිදු කර ඇත.

මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක සහකාර පොලිස් අධිකාරි වනිගසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත මාතලේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ගුණවර්ධන රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රගීත් සිරිවර්ධන පො.සැ. 72441 රාජපක්ෂ, 28869 අජිත් යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

මාතලේ විශේෂ නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment