බැඩ්මින්ටන් වෙරළ වොලිබෝල් ස්කොෂ්වලින් අර්ධ අවසන් පූර්ව වටයට

196

2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ 7 වැනි දිනය වූ පෙරේදා (04 වැනිදා) තුළ බැඩ්මින්ටන්, ස්කොෂ් සහ වෙරළ වොලිබෝල් ක්‍රීඩාවන්ගෙන් විශිෂ්ට දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ඒ අතරින් බැඩ්මින්ටන් තරගවලින් අර්ධ අවසන් පූර්ව තරග වරම් ලබා ගැනීමට නිලූක කරුණාරත්න, දුමිදු අබේවික්‍රම, සචින් ඩයස්, තිළිණි හෙන්දහේවා, බුවනෙක ගුණතිලක යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

බැඩ්මින්ටන් වෙරළ වොලිබෝල් ස්කොෂ්වලින් අර්ධ අවසන් පූර්ව වටයට

ඉන් සචින් ඩයස් මිශ්‍ර යුගල ඉසව්ව සහ පිරිමි යුගල ඉසව්ව නියෝජනය කරමින් තරග වැදීමට නියමිතය.

ස්කොෂ් පිරිමි යුගල ඉසව්වට එක්වූ ලක්සිරි රවිඳු සහ ශමීල් වකීල් ද එම ඉසව්වෙන් අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සමත් වූහ.

එසේම වෙරළ වොලිබෝල් මූලික තරග වටය සඳහා ඉදිරිපත් වූ අශේන් රශ්මික සහ මලින්ත යාපා සෙන්ට් කිට්ස් ක්‍රීඩකයන් පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබූ අතර වෙරළ වොලිබෝල් කාන්තා ක්‍රීඩිකාවෝ ද අර්ධ අවසන් පූර්ව තරග වරම් ලැබූහ.

ඔවුන් ටි්‍රනිඩෑඩ් සහ ටුබැගෝ රාජ්‍යයේ ක්‍රීඩිකාවන් පරාජය කරමින් එම අවස්ථාවට සුදුසුකම් ලැබූහ.

මෙම අර්ධ අවසන් පූර්ව තරග ඊයේ රාත්‍රී පැවැත්වීමට නියමිතව තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment