බැදුම්කර චෝදනාවකින් රවි ඇතුළු 11ක් නිදහස්

182


2016 වසරේදී ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැදුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 36කට අධික වටිනාකමකින් යුත් භාණ්ඩාගාර බැදුම්කර සම්බන්ධව සාපරාධී විශ්වාසය කඩකළේ යැයි හිටපු මුදල් ඇමැති රවි කරුණානයක මහතා ඇතුළු විත්තිකරුවන් 11කට එරෙහිව පොදු දේපොළ පනත යටතේ ඉදිරිපත් කළ චෝදනා පවත්වාගෙන යා නොහැකි බව කොළඹ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් තීරණය කර ඇත.එම චෝදනා වලින් පමණක් ඔවුන් නිදහස් කරමින් දමින්ද තොටවත්ත සහ මංජුල තිලකරත්න යන මහාධිකරණ විනිසුරුවරු මෙම බහුතර තීන්දුව දී තිබේ.
ඒ අනුව රවි කරුණානායක,හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද‍්‍රන් පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ජෙෆ්රි ඇලෝසියෙස්,අර්ජුන් ඇලෝසියෙස්,කසුන් පලිසේන ඇතුළු 11දෙනෙකු අදාල චෝදනාවෙන් නිදහස්වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment