බැඳුම්කර ගනුදෙනු විදෙස් වෝහාරික විගණන වාර්තා රාජපක්ෂලා යට ගැහුවා

282

මං ළඟදීම අමුතු පොතක් ලියනවා මෛත්‍රීපාල සිරිසේන

2007 සිට මහ බැංකුවේ සිදුවූ බැඳුම්කර ගනුදෙනු ගැන සිදුකළ විදේශීය වෝහාරික විගණනයේ වාර්තාව රාජපක්ෂවරුන් යට ගැසූ බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

මහ බැංකුවේ සිදුවූ ගනුදෙනුවට වඩා දෙයක් 2007 සිට සිදුවී ඇති බව මහ බැංකු මූල්‍ය වංචාව ගැන පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ජනාධිපති කොමිසන් සභා වාර්තාවේම සඳහන්ව තිබූ බවත් ඒ මහතා කීවේය.

මහ බැංකු ගනුදෙනුවට අදාළව පිටරටින් ගෙන්වා වෝහාරික විගණනයක් කරන්න මම කිව්වා. ඒ අනුව ඊට ජාත්‍යන්තර සමාගම් 3 කට කැඳවීම් කළා. සමාගම් 3 ට අංශ තුනක් භාර දුන්නා. ඒකෙ වාර්තාව පිටවුණෙත් මම ජනාධිපති ධුරයෙන් ඉවත්ව වසරකටත් පස්සෙයි. එම වාර්තාවල තිබෙන්නේ බොරු කියලා රාජපක්ෂවරුන් ප්‍රචාරයක් ගෙන ගියා. එම වාර්තාව කොහෙද කියා මා දන්නේ නැහැ.

මම ළඟදීම අමුතුම පොතක් ලියනවා. ඒකෙන් තවත් රහස් එළියට ඒවි. එවිට මට මොනවා කරයිද මම දන්නේ නැහැ” යයිද හිටපු ජනාධිපතිවරයා කීය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment